චීන ඇමරිකා නායක හමුව අවිනිශ්චිත ලෝක ස්වභාවය‍ට ගෙන දෙන පණිවිඩය ධනාත්මකයි
2023-11-22 14:54:52
Share with:

චීනයට ඇමරිකාවත් ඇමරිකාවට චීනයත් යන සහසම්බන්ධය වෙන් කළ නොහැකි සබඳතාවක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යයන අංශයේ ආචාර්ය අජිත් බාලසූරිය මහතා පවසයි. දෙරට අතර සබඳාතාවට ඇත්තේ දිගු ඉතිහාසයකි. පද්ධතිමය වශයෙන් වෙනස්කම් පැවතියද මනා සබඳාතවක් පවත්වා ගෙන යාම දෙරටටම වැදගත්ය. එය චීනයට හෝ ඇමරිකාවට පමණක් වැදගත්වන සබඳතාවක් නොවේ. එය සමස්ත ලෝකයටම අතිශය බලපෑම් සහගත සබඳතාවකි. මෙම රටවල් දෙක ජාත්‍යන්තර වෙළෙදාම තුළ විශාල භූමිකාවක් සිදුකරයි. 1979 වසරින් පසුව චිනය සහ ඇමරිකාව නිල වශයෙන් රාජ්‍යතාන්ත්‍රීක සබඳතා ආරම්භ කිරීමත් සමග මෙම සබඳතාව විවිධ අංශ දක්වා පැතිර ගිය බව ආචාර්ය අජිත් බාලසූරිය මහතා පවසයි.  

චීන ඇමරිකා අන්තර් සබඳතාව ලෝකයේ  සියලු රටවලට  ආර්ථික දේශපාලනික  සාමාජිය සංස්කෘතික වශයෙන්  වැදගත් වෙයි. විශේෂයෙන් ජාත්‍යන්තර  ආනයන මත රඳා පවතින රාජ්‍යයන්ට එය විශාල ලෙස බලපාන බව බාලසූරිය මහතා ගේ අදහස වී තිබේ. එබැවින් මෙම රටවල් දෙක අතර යහපත් සබඳතාව ශ්‍රී ලංකාව වැනි  රටවලට  ඍජුව බලපාන බව හෙතෙම කියා සිටී. මෑතකදී සිදුවූ චීන ඇමරිකා නායක හමුව අවිනිශ්චිත ලෝක ස්වභාවයන් තුළ යම් ධනාත්මක පණිවිඩයක් ලබා දෙන බවද හෙතෙම කියා සිටී. වෙනස්කම් පිළිගනිමින් චීන ඇමරිකා සබඳතා ඉදිරියට පවත්වා ගැනීමට ගත් වෑයමක් ලෙසට තමන් එය දකින බවද ‍ ආචාර්ය අජිත් බාලසූරිය මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම