චීන ජනපති හා උරුගුවේ ජනපති අතර සාකච්ඡා
2023-11-22 18:36:05
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින උරුගුවේ ජනාධිපති Luis Lacalle Pou මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. එම සාකච්ඡාව අද(22) පස්වරුවේ බෙයිජිංහි  මහජන මහා ශාලාවේ පැවැත්විණ.

චීනය හා උරුගුවේ රාජ්‍යය අතර අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයක් ඇති කරන බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී උරුගුවේ ජනාධිපතිවරයා සමග එක්ව ප්‍රකාශ කළේය.

වෙනස් ජාතික තත්ත්වයන් පැවතිය ද, චීනය හා උරුගුවේ රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ආරම්භ කර ගතවූ වසර 35 තුළ දෙරට සෑමවිටම අන්‍යෝන්‍ය ගරුත්වය හා සාමකාමී යහපැවැත්මෙන් කටයුතු කළ අතර පොදු ජයග්‍රහණ දිනා ගත හැකි සහයෝගිතා පවත්වා ඇතැයි ෂී ජින්පිං මහතා සඳහන් කළේය. එමෙන්ම විවිධ ක්ෂේත්‍ර පිළිබඳ අදහස් හුවමාරු හා සහයෝගිතා පුළුල් ලෙස වර්ධනය වෙමින් පවතී. විශේෂයෙන් කොවිඩ් වසංගතයට ඒකාබද්ධව මුහුණ දීමේදී එකිනෙකාට සහාය වීම තුළින් දෙරටේ උපායමාර්ගික සම්බන්ධතාවය තවදුරටත් තහවුරු කර ඇත. ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය ඉහළ නංවාලීම දෙරටේ විවිධ පර්ෂදවල පොදු අදහසක් වී තිබෙන බව ද ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි.

දෙරටේ මිත්‍රත්වය ඉදිරියට මෙහෙයවමින් වෙනස් පරිමාණ, වෙනස් ක්‍රම හා වෙනස් සංස්කෘතීන් ඇති රටවල් සමග සමගියෙන් සහයෝගිතා පැවැත්වීමේ ආදර්ශනයක් ලෙස චීන උරුගුවේ සම්බන්ධතාවය ගොඩනැගීමට පොදුවේ උත්සාහ කිරීමට සූදානම් බව ද ෂී ජින්පිං මහතා පවසා ඇත. 

 උරුගුවේ කෘෂි හා එ‍ඬේර නිෂ්පාදිත හා ඉහළ අගයක් එකතු කළ නිෂ්පාදිත වැඩි වශයෙන් චීන වෙළඳපොලට ප්‍රවේශ වීම පිළිගන්නා චීනය තම ව්‍යාපාර උරුගුවේ හි ආයෝජනය හා ව්‍යාපාරික කටයුතු සිදුකිරීමට දිරිගන්වනු ඇත. බොහෝ ගෝලීය හා කලාපීය ගැටළුවලදී සමාන ආකල්ප දරන චීනය හා උරුගුවේ රාජ්‍යය අතර පුළුල් පොදු අදහස් හා පොදු ප්‍රතිලාභ ද පවතී. එසේම දෙරටට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝක වෙළඳ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික ක්‍රමවේදයන්හි සම්බන්ධීකරණය ශක්තිමත් කළ හැකි බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

උරුගුවේ චීන සම්බන්ධතාවය ආර්ථික වෙළඳ පරාසය ඉක්මවා බහුවිධ හා ඉහළ මට්ටමේ වර්ධන ප්‍රවණතාවක පවතින බව උරුගුවේ ජනාධිපති Luis Lacalle Pou මහතා එහිදී ප්‍රකාශ කළේය. තම රට එක් තීරක් එක් මාවතක් වැඩපිළිවෙළේ පොදු සංවර්ධනයට සක්‍රීයව එක් වන අතර ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුමට අනුබල දෙන බව ද හෙතෙම කියාසිටියේය. දෙරට අතර මානව හා සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය සඳහා උරුගුවේ රාජ්‍යයේ වැඩි වශයෙන් කොන්‍ෆියුසියස් ආයතන ස්ථාපිත කිරීමට සහාය වන බව ද ඔහු සඳහන් කර ඇත.

එම සාකච්ඡාවෙන් අනතුරුව, දෙපාර්ශ්වය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමේ සහයෝගිතා සැලැස්ම හා සහයෝගිතා ලිපිලේඛන රැසකට අත්සන් තැබීම නායක දෙපළ ඉදිරියේ සිදු කෙරිණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම