වත්මන් කොරියානු අර්ධද්වීපයේ තත්ත්වය පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කෙරේ
2023-11-22 17:35:59
Share with:

කොරියානු අර්ධද්වීපයේ ප්‍රශ්නයට අදාළ විවිධ පාර්ශ්වයන් අර්ථවත් සංවාද පවත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය එසේ ප්‍රකාශ කළේ අද(22) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. වාර්තාවකට අනුව,  21වනදා පරීක්ෂණ චන්ද්‍රිකාවක් සාර්ථකව නිකුත් කළ බව උතුරු කොරියාව ප්‍රකාශ කළේය. ඇමරිකාව, ජපානය හා දකුණු කොරියාව පවසන්නේ එම රට බැලැස්ටික් මිසයිල තාක්ෂණය යොදා ගත් බවත් එය ආරක්ෂක මණ්ඩලයේ තීරණයකට විරුද්ධ වන හෙයින් ඊට දැඩි ප්‍රතිචාර දැක්විය යුතු බවත්ය. 

විවිධ පාර්ශ්වයන් සන්සුන් ආකල්පයක සිට දේශපාලන ක්‍රියාමාර්ගවල එල්බ සිටිය යුතු බව මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය. එකිනෙකාගේ සාධාරණ අවශ්‍යතාවන්ට සමබරව අවධානය යොමු කරමින් අර්ථවත් සංවාද පැවැත්විය යුතු ය. කොරියානු අර්ධද්වීපයේ ප්‍රශ්නය දේශපාලන මාර්ගයෙන් විසඳීමට චීනය අඛණ්ඩව සිය සංවර්ධනාත්මක මෙහෙවර ඉටු කිරීමට සූදානම් බව ද ඇය එහිදී අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම