ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා හා එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා හමුවෙයි.
2023-11-22 10:32:22
Share with:

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා හා එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා හමුවූ අතර දෙපාර්ශ්වය දේශපාලන මධ්‍යස්ථභාවයේ සහ ක්‍රීඩා ස්වාධීනත්වයේ වැදගත්කම පෙන්වා ‍දුන්හ.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිල වෙබ් අඩවියට අනුව, ඔලිම්පික් සටන් විරාම යෝජනාව 21වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා හා එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා  20 වැනිදා නිව්යෝර්ක්හිදී හමුවිය. දෙපාර්ශවය වත්මන් ලෝක තත්ත්වයෙන් ක්‍රීඩාවට එල්ලවන බලපෑම පිළිබඳ සාකච්ඡා කරමින් සාමය සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩාවේ දායකත්වය  ලබා ගැනීමේ වැදගත්කම අවධාරණය කළහ.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ගත් පියවර Guterres මහතා අගය කළේ ය. පැරිස් ඔලිම්පික් උළෙලේ සාර්ථකත්වය ගැන ඔහු විශ්වාසයෙන් පසුවෙයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඔලිම්පික් වටිනාකම් අගයමින් ඔලිම්පික් ක්‍රීඩාව සඳහා දැඩි ලෙස සහාය දක්වන බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ඔහුගෙන් ලැබෙන සහයෝගය පිළිබඳව ස්තුතිවන්ත වන බවත්  Bach මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම