චීන-උස්බෙකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාද ක්‍රමවේදය ස්ථාපිත කෙරේ
2023-11-22 15:40:30
Share with:

චීන-උස්බෙකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රථම උපායමාර්ගික සංවාදය පැවැත්වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ විදේශ අමාත්‍ය වං යී මහතා ඊයේ(21) බෙයිජිං නුවර දී උස්බෙකිස්ථාන විදේශ අමාත්‍ය Bakhtiyor Saidov මහතා හමු විය. දෙරට විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාද ක්‍රමවේදය ස්ථාපිත කරන බව ඇමතිවරු එහිදී ප්‍රකාශයට පත් කළහ.

චීන විදේශ අමාත්‍ය වං යී මහතා එහිදී පැවසුවේ උස්බෙකිස්ථානය සමග එක්ව, චීන-උස්බෙකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාද වේදිකාව ප්‍රශස්ත අයුරින් යොදා ගනිමින් දෙරටේ පූර්ණ සහයෝගිතා තහවුරු කිරීමට චීනය සූදානම් බවය. මේ සඳහා හෙතෙම සිව්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළේ ය. අ‍න්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර පොදු සංවර්ධනය සඳහා වන එන්ජිමක් බිහි කළ යුතු ය. පාරම්පරික මිත්‍රශීලී පැවැත්ම වැඩිදියුණු කරමින් සාමකාමී හා ස්ථාවර පරිසරයක් ගොඩනැංවිය යුතු බව ද වං යී මහතා එහිදී සඳහන් කළේ ය.

තම රට, ෂී ජින් පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම්වලට සහාය දක්වන බව උස්බෙකිස්ථාන විදේශ අමාත්‍යවරයා එහිදී පැවසීය. වං යී විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ එම සිව්වැදෑරූම් යෝජනාවලියට එකඟ වන උස්බෙකිස්ථානය දෙරටේ පූර්ණ සහයෝගිතාවන් ශක්තිමත් කිරීමට  අපේක්ෂා කරන බව ද හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම