මෙවර ඉදිරිපත් කර ඇති අයවැය ආර්ථික අර්බුදයක් යළි ඇති නොවන විධිමත් අයවැයක්
2023-11-22 15:24:22
Share with:

රටේ දරුණු ආර්ථික අර්බුදයක් අනාගතයේ නැවත ඇති නොවීමට විධිමත් ආර්ථික කළමනාකරණයක් සහිත අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවකට ලක්වූ ජන කොටස් වෙත සහන සැලසීමට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගාසිටුවීමට ද මෙවර අයවැයෙහි විශේෂ අවධානයක් යොමු කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2024 අයවැය පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

 මේ අතර 2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45කින් පාර්ලිමේන්තුවේදි ඊයේ (21) සම්මත විය. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122ක්  හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ ඡන්ද 77ක් පමණි. 2024 වසර සඳහා වන ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම