දකුණු අප්‍රිකාව ඊශ්‍රායලය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හි‍ටුවයි
2023-11-22 09:17:12
Share with:

දකුණු අප්‍රිකාව ඊශ්‍රායලය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවයි. ඊශ්‍රායලයේ පිහිටි තම තානාපති කාර්යාලය වසා දැමීමට ද දකුණු අප්‍රිකාව තීරණය කර තිබේ. ඊට අදාළ යෝජනාව එරට පාර්ලිමේන්තුව විසින් ඊයේ(21) අනුමත කර තිබේ. ගාසා තීරයේ සටන් විරාමයක් සදහා ඊශ්‍රායලය එකගවන තුරු මෙම පියවර ගැනීමට  දකුණු අප්‍රිකාව ක්‍රියා කර ඇත.

අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 248ක් ලැබුණු අතර විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 91ක් පමණි. පාලක අප්‍රිකා ජාතික කොංග්‍රසයේ සහාය මත විපක්ෂයේ ආර්ථික නිදහස් සටන්කරුවෝ නමැති පක්ෂය විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මේ අතර දකුණු අප්‍රිකා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පලස්තීන ඊශ්‍රායල ප්‍රශ්ණය පිළිබද බ්‍රික්ස් සංවිධානයේ විශේෂ  වීඩියෝ සමුළුව ඊයේ(21) පවත්වා තිබේ. දකුණු අප්‍රිකාව පසුගිය සතියේදී නිවේදනය කළේ යුධ අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායලය ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කළ යුතු බවයි. ඊශ්‍රායලයේ පිහිටි සිය තානාපති කාර්යාලයේ සියලු රාජ්‍යතාන්ත්‍රිකයන් මෙම මස මුලදී යළි කැදවීමටද දකුණු අප්‍රිකාව ක්‍රියා කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම