චීන ජනාධිපතිවරයාගේ ඇමරිකා සංචාරය ජගත් ප්‍රජාවේ ඉහළ අවධානයට
2023-11-22 09:53:56
Share with:

චීන ජනාධිපතිවරයා චීන ඇමරිකා රාජ්‍ය නායක හමුවට හා APEC සංවිධානයේ 30 වැනි නායකයන්ගේ නිල නොවන සමුළුවට සහභාගි වීම පිළිබඳව ජගත් ප්‍රජාව ඉහළ අවධානයක් යොමු කරයි.

ඇමරිකා චීන සබඳතාව පිළිබඳ ඇමරිකා ජාතික කමිටුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික Benjamin D. Harburg මහතා පැවසුවේ චීන ඇමරිකා රාජ්‍ය නායක හමුව දෙරටට දැවැන්ත අර්ථයක් ගෙන දෙන බවයි. මානව හුවමාරු ද වැදගත් වන අතර ඇමරිකා සිසු සිසුවියන් චීනයේ අධ්‍යාපනය ලබා ගැනීම දිරිමත් කිරීමෙන් ඔවුන්ට චීනයේ සැබෑ තත්ත්වය පිළිබඳ දැනගැනීමට හැකි බව ද ඔහු කීය.

ඉන්දුනීසියා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතාව පිළිබඳ විශේෂඥ Shofwan Al Banna Choiruzzad මහතා පෙන්වා දුන්නේ චීන ඇමරිකා සබඳතාව බොහෝ දුරට ගෝලීය ඉරණමට සම්බන්ධ වන අතර ‍මෙම ප්‍රබල රටවල් දෙක සාමකාමී සහයෝගිතා ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතාව පැවැත්වීම ලොවට හිතකර බවයි.

උසස් මට්ටමේ විවෘතභාවය චීනය ප්‍රවර්ධනය කිරීමෙන් කලාපීය රටවල ආර්ථික වර්ධනය ඉහළ යාම, එම රටවල් හා චීනය අතර සබඳතාව ගැඹුරු කිරීමට උපකාරී වන බව රුසියානු උසස් මට්ටමේ ආර්ථික විශ්වවිද්‍යාලයේ විශේෂඥ Vasily Kashin මහතා කීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම