චීන ජනපති හා රුසියානු ජාතික ඩුමා සභාවේ සභාපති හමු වෙති
2023-11-22 16:18:48
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියානු ජාතික ඩුමා සභාවේ සභාපති Vyacheslav Viktorovich Volodin මහතා හමුවෙයි. එම හමුව අද (22) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.

රුසියානු ජාතික ඩුමා සභාව සහ චීන ජාතික මහජන කොංග්‍රසය අතර ව්‍යවස්ථාදායක අත්දැකීම් පිළිබඳ හුවමාරුව ශක්තිමත් කරමින්, ද්විපාර්ශ්වික සහයෝගිතාවට වඩාත් විධිමත් නෛතික සහාය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය.  “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ සහ යුරේසියානු ආර්ථික සංගමය අතර සම්බන්ධතාව ප්‍රවර්ධනය කරන අතර, ෂැංහයි සහයෝගිතා සංවිධානය, BRICS සහ G20 වැනි බහුපාර්ශ්වික වේදිකාවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ද අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කර ඇත.

එකම චීනය මූලධර්මය අනුගමනය කරමින්, ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා රුසියාව චීනයට ස්ථීර ලෙස සහාය දෙන බව Vyacheslav Viktorovich Volodin මහතා එහිදී පෙන්වා දුන්නේය. දෙරටේ ව්‍යවස්ථාදායක ආයතන සහ පක්ෂ අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, දෙරටේ නායකයින්ගේ වැදගත් එකඟතා ක්‍රියාත්මක කිරීමටත්, ජනතාව අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීමටත්, නව යුගයේ ද්විපාර්ශ්වික විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ තිරසර සංවර්ධනය සඳහා ශක්තිමත් නෛතික පහසුකම් සැපයීමටත් රුසියාව කැමැත්තෙන් සිටින බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම