පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය සම්බන්ධයෙන් ‘චීන විසඳුම’ පිළිබඳ ජගත් ප්‍රජාවේ ඉහළ පැසසුම
2023-11-22 21:40:32
Share with:

යළි ඇති වූ පලස්තීන-ඊශ්‍රායල ගැටුම මේ වනවිට මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතී. සමස්තයක් වශයෙන් ගත් කල දෙපාර්ශ්වයේ 15500ක පමණ ජීවිත හානි සිදු වී ඇත. සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් මිය ගොස් හෝ තුවාල ලැබීම මෙන් ඇති වූ මානුෂීය ව්‍යසනය ජගත් ප්‍රජාවේ දැඩි කණස්සල්ලට හේතු වී තිබේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(21) පැවති බ්‍රික්ස් රටවල නායකයින්ගේ විශේෂ වීඩියෝ සමුළුවේදී  ‘පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධ කඩිනම් ක්‍රියාමාර්ග’ පිළිබඳව පැහැදිලි කළේ එවැනි පසුබිමක් යටතේය. 

ගැටුමට සම්බන්ධ කණ්ඩායම් වහාම සටන් විරාමයකට පැමිණ මානුෂවාදී සහනාධාර සැපයීමේ මාර්ගවල සුරක්ෂිත බව සහතික කිරීමටත් ගැටුම තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමටත් කඩිනමින් ක්‍රියා කළ යුතුය. එමෙන්ම පලස්තීන-ඊශ්‍රායල ගැටුම යළි යළිත් හට ගැනීම නතර කිරීමට මූලිකම මාර්ගය වන්නේ ද්විත්ව රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම බව ද ඔහු පෙන්වා දුන්නේය. වත්මන් තත්ත්වය හා අනාගතය පිළිබඳ ද මනා දැක්මකින් සිදු කෙරුණු එම යෝජනාවන්  මගින් පලස්තීන-ඊශ්‍රායල ගැටුම අවසන් කිරීමේ නිවැරදි දිශානතිය නිරූපනය කර තිබේ.

ෂී ජින්පිං ජනාධිපතිවරයා එවැනි යෝජනාවන් ඉදිරිපත් කිරීමට පෙර දිනයේ, අරාබි හා ඉස්ලාමීය රටවල විදේශ ඇමතිවරුන්ගේ නියෝජිත පිරිසක් චීනයේ සංචාරයක නිරත විය. ඔවුන් සිය ජාත්‍යන්තර මැදිහත්වීම් මෙහෙවරේ පළමු ගමනාන්තය ලෙස චීනය තෝරා ගැනීම තුළින්, චීනය කෙරෙහි දක්වන උපරිම විශ්වාසය හා චීනයේ ක්‍රියාකලාපය කෙරේ පවතින ඉහළ පිළිගැනීම පිළිබිඹු වේ. 

සැබෑ වශයෙන් චීනයේ ක්‍රියාකලාපය ගැටුමට අදාළ පාර්ශ්වයන් හා ජගත් ප්‍රජාවේ ද පොදු පිළිගැනීමට ලක්ව ඇත. ඒ, චීන ජාතිකයින් සෑමවිටම සාමයට ලැදි වන අතර ප්‍රචණ්ඩත්වයට විරුද්ධ වෙමින් සාධාරණත්වයෙන්  යුතුව කටයුතු කරන නිසාය. පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් ඇමරිකාව ක්‍රියාත්මක කරන ‘ඒකපාර්ශ්වීය පක්ෂපාතී ප්‍රතිපත්තියෙන්’ වෙනස් ව, චීනය කිසිදු පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කර නොමැත. පලස්තීනය හා ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ආරම්භ වී සාමය ස්ථාපිත කිරීම චීනයේ අවංක අපේක්ෂාවය. චීනය සෑමවිටම සාධාරණත්වය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිටී. චීනය සැබෑ ලෙස මධ්‍යස්ථ පාර්ශ්වය වන බව ඇමරිකාවේ ‘The Diplomat’ වෙබ් අඩවිය ද ඇගයීමක් කරමින් ප්‍රකාශ කර ඇත.


ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම