පලස්තීන-ඊශ්‍රායල ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන් තාවකාලික සටන් විරාමයකට එළඹීම පිළිබඳ චීනයේ ප්‍රසාදය
2023-11-22 16:42:39
Share with:

පලස්තීන-ඊශ්‍රායල ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන් තාවකාලික සටන් විරාමයකට එළඹීම පිළි ගන්නා බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ප්‍රකාශ කරයි. 

ඊශ්‍රායලය සමග දින හතරක තාවකාලික සටන් විරාම ගිවිසුමකට එළඹෙන බව Hamas සංවිධානය ප්‍රකාශ කර ඇත. අද(22) පැවති මාධ්‍ය හමුවේදී  මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමින්  Mao Ning මහත්මිය එසේ ප්‍රකාශ කළාය.

මේ වටයේ පලස්තීන-ඊශ්‍රායල ගැටුම් ඇති වීමෙන් පසු චීනය සෑම විටම සටන් විරාමයක් අරඹන ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. ගැටුම් තත්ත්වය ලිහිල් කර සිවිල් ජනතාවගේ සුරක්ෂිත බව තහවුරු කරමින් මානුෂීය සහනාධාර ක්‍රියාත්මක කිරීමට චීනය අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බව ද ඇය සඳහන් කළාය. අදාළ පාර්ශ්වයන් තාවකාලික සටන් විරාම ගිවිසුමකට එළඹීම චීනය පිළිගන්නා බවත් එයින් මානුෂවාදී අර්බුදය ලිහිල් වී ගැටුම්කාරී තත්ත්වය අවම කිරීමට හැකි වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.  

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම