ප්‍රදේශ කිහිපයක නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ
2023-11-22 15:26:45
Share with:

දිස්ත්‍රික්ක නවයක ප්‍රදේශ කිහිපයක නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව බදුල්ල, ගම්පහ, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා අද (22) රාත්‍රී 8.00 දක්වා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වෙනු ඇත.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිටත් මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා එල්ල වී ඇත.  බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය, පස්සර - නමුනුකුළ හරහා ඇල්ලට යන මාර්ග පස් කඳු හා ගස් කඩාවැටීමෙන් අවහිර වී තිබේ. මේ හේතුවෙන් රථවාහන ගමනාගමනය මුළුමනින්ම ඇනහිට ඇති බව වාර්තා වේ.



ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම