පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර "ඔලිම්පික් සටන් විරාමයක්" ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි
2023-11-22 09:53:19
Share with:

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය "ඔලිම්පික් සටන් විරාමයක්" න‍මැති යෝජනාවක් සම්මත කර ගනී.ඊට පක්ෂව ඡන්ද 118ක් ලැබිණ. "ක්‍රීඩාව සහ ඔලිම්පික් පරමාදර්ශය තුළින් සාමකාමී සහ යහපත් ලෝකයක් ගොඩනැගීම"  ඉන් අරමුණු කෙරේ.

මෙම යෝජනාවට අනුව, සාමාජික රටවල් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව, 2024 වසරේ පැරිස් 33 වැනි ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට  දින 7කට පෙර සිට, පැරිසියේ 17 වැනි ගිම්හාන පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අවසන්වී දින 7ක් ගතවන තුරු "ඔලිම්පික් සටන් විරාමයට" අවනත විය යුතු ය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1993 ඔක්තෝම්බර් මාසයේදී යෝජනාවක් සම්මත කර, සෑම ඔලිම්පික් ක්‍රීඩා උළෙලක්ම ආරම්භවීමට දින 7කට පෙර සිට, අවසන් වී දින 7ක් දක්වා "ඔලිම්පික් සටන් විරාමයට" එකඟවන ලෙසට  සියලුම සාමාජික රටවලින් ඉල්ලා සිටියේ ය. එබැවින්, සෑම ඔලිම්පික් ක්‍රීඩා උළෙලකටම පෙර, අදාළ යෝජනාව  සම්මත කිරීම සිදු‍වෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම