පලස්තීන ප්‍රශ්නය පිළිබඳ චීනයේ යුක්ති සහගත ස්ථාවරය කෙරෙහි අරාබි හා ඉස්ලාමීය විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රශංසාව
2023-11-21 17:39:30
Share with:

අරාබි සහ ඉස්ලාමීය විදේශ අමාත්‍යවරුන්ගෙන් සමන්විත දූත පිරිස ඊයේ(20) චීනයේ සංචාරයක නිරත විය. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (21) පැවති මාධ්‍ය හමුවකදී එම සංචාරයේ ප්‍රතිඵලය පිළිබඳව විස්තර කළාය.

ගාසා තීරයේ අර්බුදයට මුහුණ දීමේදී හා පලස්තීන ප්‍රශ්නය විසඳා ගැනීමේදී චීනය දරන ස්ථාවරය දෙපාර්ශ්වය අතර සාකච්ඡාවේදී පැහැදිලි කෙරුණු බව ඇය සඳහන් කළාය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ වාරික සභාපතිත්වය හිමි රට ලෙස චීනය අරාබි හා ඉස්ලාමීය රටවල් සමග සම්බන්ධීකරණය තහවුරු කරමින් පොදු එකඟතාවන් වෙනුවෙන් එක්ව කටයුතු කරනු ඇතැයි ද එහිදී ප්‍රකාශ කෙරිණ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගාසා හි තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් ඵලදායී මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට චීනය අඛණ්ඩ පෙළඹවීම් සිදු කරන බවද ඇය සඳහන් කළාය.

පලස්තීන ප්‍රශ්නය පිළිබඳව චීනය දිගු කාලීනව දරන යුක්ති සහගත ස්ථාවරය කෙරෙහි අරාබි හා ඉස්ලාමීය විදේශ අමාත්‍යවරුන් ප්‍රශංසාව පළ කර ඇත. මෙම වටයේ පලස්තීන-ඊශ්‍රායල ගැටුම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ප්‍රථම තීරණය සම්මත කිරීමේදී චීනය ලබා දුන් දායකත්වය ද ඔවුහු අගය කළහ. අර්බුදය ව්‍යාප්ත වීම වළක්වා සාම සාකච්ඡා ක්‍රියාදාමය යළි ඇරඹීම සඳහා චීනය සමග වඩා සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට එම දූත පිරිස අපේක්ෂා පළ කළ බව Mao Ning මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.  

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම