චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරිය සහ ජනපති අතර හමුවක්
2023-11-21 15:38:50
Share with:

මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මණ්ඩල සාමාජික Shen Yiqin මහත්මිය ඊයේ (20) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාට සුබ පැතුම් පිරිනමන ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා Shen Yiqin මහත්මියගෙන් ඉල්ලීමක් කළේය. චීනය දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් චීන පාර්ශ්වයට සිය ස්තූතිය පිරිනැමීය.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ පොදු සංවර්ධනයට ස්ථිර අනුබලයක් ලබා දෙන ශ්‍රී ලංකාව චීනයේ ආයෝජනය පිළි ගන්නා බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරාය සහ වරාය නගරය පිළිබඳ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට සූදානම් බවද සඳහන් කළේය. ශ්‍රී ලංකාව එකම චීනය පිළිබඳ මූලධර්මයෙහි එල්බ සිටියි. රටේ ආර්ථික හා සමාජයීය සංවර්ධනය සඳහා චීනය සමග මිත්‍රශීලි අදහස් හුවමාරු හා සහයෝගිතා පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ උණුසුම් සුබ පැතුම් Shen Yiqin මහත්මිය එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවාය. ශ්‍රී ලංකාව සමග සම්බන්ධතාවයට දැඩි අවධානයක් යොමු කරන චීනය ශ්‍රී ලංකාව සමග එක්ව දෙරටේ නායකයින් පැමිණි එකඟතාවන් මනා ලෙස ක්‍රියාවට නංවාලීමට කටයුතු කරන බව ඇය ප්‍රකාශ කළාය. එකිනෙකාගේ කේන්ද්‍රීය වාසී සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් සහාය වෙමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය පොදුවේ ඉදිරියට ගෙන යාමට දායක වීමට ද චීනය සූදානම් බව Shen Yiqin මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම