රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ සැමරුම වෙනුවෙන් චීනය සහ පලස්තීනය සුබ පැතුම් පණිවිඩ හුවමාරු කරයි
2023-11-21 11:20:01
Share with:

චීනය හා පලස්තීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 35 වැනි සංවත්සරය සැමරීම සඳහා නොවැම්බර් 20 වැනිදා චීන විදේශ අමාත්‍ය වන්-යී මහතා පලස්තීන විදේශ අමාත්‍ය Riyad al-Maliki මහතා සමඟ සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගත්තේ ය.

වසර 35කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු දෙරට අතර සබඳතා සෑම විටම විධිමත් හා  ස්ථාවර ලෙස වර්ධනය වන බව වන්-යී මහතා පැවසීය. දෙරට උපායමාර්ගික හවුල්කාරිත්වයක් ස්ථාපිත කර ඇති බව මෙම වසරේ ජුනි මාසයේදී රාජ්‍ය නායකයන් දෙදෙනා නිවේදනය කළ අතර දෙරටේ සබඳතා වර්ධනය කිරීමේ දිශානතිය ද පෙන්වා දී ඇත. පලස්තීන ජනතාවගේ නීත්‍යානුකූල ජාතික අයිතීන් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා චීනය සැමවිටම දැඩි සහයෝගය ලබා දෙන අතර ගාසා තීරයේ වත්මන් තත්ත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි.

දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට පලස්තීනය කැමැත්තෙන් සිටින බව Riyad al-Maliki මහතා පැවසීය. පලස්තීනය එකම චීනය ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරන අතර ගාසා ගැටුම සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය බෙහෙවින් අගය කරන බව ද  හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම