දෙස් විදෙස් ව්‍යවසායන් හා ආයතන රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පළමු චීන ජාත්‍යන්තර සැපයුම් දාමය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රදර්ශනය
2023-11-21 15:54:31
Share with:

පළමු චීන ජාත්‍යන්තර සැපයුම් දාමය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රදර්ශනයට දෙස් විදෙස් ව්‍යවසායන් හා ආයතන 515ක් සහභාගී වෙති.

චීන වෙළඳ ප්‍රවර්ධන සංගමය අද (21)පැවති මාධ්‍ය හමුවේදී අදාළ ප්‍රදර්ශනයේ සූදානම පිළිබඳව විස්තර කරමින් මේ බව ප්‍රකාශ කළේය. එම ප්‍රදර්ශනය එළඹෙන 28 වනදා සිට ලබන මස 2 වනදා දක්වා චීනයේ බෙයිජිං හිදී පැවැත්වීමට නියමිතය. අදාළ සූදානම් කිරීමේ කටයුතු මේ වනවිට මූලික වශයෙන් අවසන් වී තිබේ. 

චීන වෙළඳ ප්‍රවර්ධන සංගමයේ නියෝජ්‍ය සභාපති Zhang Shaogang මහතා ප්‍රකාශ කළේ ස්මාර්ට් මෝටර් රථ, හරිත කෘෂිකර්මාන්තය, පිරිසිදු බලශක්තිය, ඩිජිටල් තාක්ෂණය, සෞඛ්‍ය සම්පන්න ජීවන තත්ත්වය පිළිබඳ සැපයුම් දාම සඳහා ප්‍රදර්ශන කලාප වෙන් කර ඇති බවයි. මෙම ප්‍රදර්ශනය සැපයුම් දාමය තේමා කරගත් ලොව පළමු ජාතික මට්ටමේ ප්‍රදර්ශනයය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම