චීන සමුද්‍රීය ආර්ථිකයේ කැපී පෙනෙන වර්ධනයක්
2023-11-21 14:59:48
Share with:

මේ වසරේ මුල් කාර්තු තුනේ චීනයේ සමස්ත සමුද්‍රීය ආර්ථිකයේ වටිනාකම යුවාන් ට්‍රිලියන 7.2ක් බව ඊයේ (20) චීන ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය පැවැත්වූ මාධ්‍ය හමුවේදී ‍ප්‍රකාශ කෙ‍රිණ. එය 2022 වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂ ව 5.8%ක වර්ධනයකි.

චීන රජයේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල ස්ථාවර බලපෑම් හා අදාළ ව්‍යාපාරික ආයතනවල විශ්වාසය වර්ධනය වීම හේතුවෙන් චීනයේ සමුද්‍රීය කර්මාන්තය අඛණ්ඩව වර්ධනය වී ඇත. වසර පුරා චීනය සමුද්‍රීය ආර්ථිකයේ ස්ථාවර හා ධනාත්මක වර්ධන ප්‍රවණතාවක් පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කෙරේ. සමුද්‍රීය ඖෂධ හා ජීව විද්‍යාත්මක නිෂ්පාදන, මුහුදු ජලයේ ලවණ ඉවත්කිරීම, අක්වෙරළ සුළං විදුලි උත්පාදනය, සමුද්‍රීය තොරතුරු කර්මාන්තය ඇතුළු නව ක්ෂේත්‍ර ඉදිරියේදී වඩ වඩාත් වර්ධනය වනු ඇත. ‍

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම