අනාගත බලාපොරොත්තුවේ මාර්ගයක් ලෙස තිරසර සංවර්ධනය ඉස්මතු කරමින් ආරක්ෂක මණ්ඩලයේ විවාදයක් පැවැත්වීම පිළිබඳව ජගත් මහලේකම්වරයාගෙන් චීනයට පැසසුම්
2023-11-21 11:10:29
Share with:

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සංවර්ධනයේ වැදගත්කම අවධාරණය කරයි. ඔහු ඊයේ (20) මේ බව කියාසිටියේ, පොදු සංවර්ධනය තුළින් තිරසර සාමය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ විවාදයක් සංවිධාන කිරීම පිළිබඳව චීනයට කෘතඥතාව පළ කරමිනි.

 මානව සංවර්ධනය, ආරක්ෂාව සහ සාමය සහතික කරමින් බලාපොරොත්තුවේ මාර්ගය ආලෝකවත් කරයි. එබැවින් සාමයත්, සියලුදෙනා ඇතුළත් තිරසර සංවර්ධනය පවත්වා ගැනීමත් එකට බැඳී ඇති බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ආරක්ෂක කවුන්සිලයේ පැවති විවෘත විවාදයේ දී කියාසිටියේය. එම වැදගත් සම්බන්ධය පිළිබඳව අවධාරණය කරමින් මෙම විවාදය කැඳවීම ගැන චීන රජයට ස්තුතිවන්ත වන බව  මහලේකම්වරයා පැවසීය.

 සාමය සුරක්ෂිත කිරීම සඳහා සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවේ. සියලුදෙනා ඇතුළත් වන තිරසර සංවර්ධනයකින් තොරව කිසිදු සාමයක් සුරක්ෂිත නොවන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

 එසේම, ගැටුම් වැළැක්වීමට අසමත් වීම තරම් ව්‍යසනකාරී අසාර්ථකත්වයක් නොමැති බව ද ගුටරෙස් මහතා කියාසිටියේය. රටක් ගැටුමකට සමීප වන තරමට එය තිරසර සහ සියල්ලන් ඇතුළත් සංවර්ධනයෙන් දුරස් වනු ඇත. පසුගිය දශකය තුළ අවම මානව සංවර්ධන දර්ශක සහිත රටවල් දහයෙන් නවයක්ම ගැටුම් හෝ ප්‍රචණ්ඩත්වය අත්විඳ ඇති බව ද ඔහු පැවසීය.

ආරක්ෂක මණ්ඩලයේ නොවැම්බර් මස සභාපතිත්වය දරන චීනය, මෙම මාසයේ ගැටුම් පිළිබඳ මූලික කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් මෙම රැස්වීම සංවිධාන කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත චං ජුන් මහතා ඉදිරි මස වැඩසටහන් පිළිබඳව නොවැම්බර් පළමුවැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ද මේ පිළිබඳව කරුණු දක්වා තිබේ.  

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම