G20 සාමාජික රටවල් අතර හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවට චීනයේ ඉල්ලීමක්
2023-11-21 16:52:30
Share with:

G20 සාමාජික රටවල් අතර හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව චීනය පවසයි.

චීන අගමැති ලී ච්‍යං මහතා G20 නායකයන්ගේ වීඩියෝ සමුළුවට එක් වීමට නියමිත ය. මෙවර සමුළුව පිළිබඳ චීනයේ අපේක්ෂාව සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී විස්තර කළාය.

හවුල්කාරීත්වයෙන් කටයුතු කිරීම පිළිබඳව පසුගිය සැප්තැම්බර් මස නවදිල්ලියෙහි පැවති G20 සමුළුවේදී එකඟතාවකට එළඹිණ. වර්තමාන ජාත්‍යත්තර තත්ත්වය කැළඹිලි සහගත වන අතර ලෝක ආර්ථික ප්‍රකෘතියේ වර්ධනයක් ද නොමැත. එවැනි තත්ත්වයකට මුහුණ දීමේදී, G20 කණ්ඩායම තවදුරටත් හවුල්කාරීත්වය ශක්තිමත් කරමින් ලෝක ආර්ථික ප්‍රකෘතියට හා ජාත්‍යන්තර පොදු සංවර්ධනයට දායක විය යුතු බව Mao Ning මහත්මිය පෙන්වා දුන්නාය. මෙවර වීඩියෝ සමුළුවෙන් පොදු එකඟතාවයකට පැමිණ ලෝකයට ධනාත්මක  සංඥාවක් ලබා දෙනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ඇය අවධාරණය ක‍ළාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම