චීන - ඇමරිකා රාජ්‍ය නායක හමුව ලෝක සාමයේ පැවැත්ම පිළිබඳ නව සන්ධිස්ථානයක්
2023-11-21 17:19:48
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ හමුව සමස්ත ලෝකයේ ම සාමය පවත්වා ගැනීම සඳහා අතිශය වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා කියාසිටී. විශේෂයෙන්ම ගාසා තීරයේ ගැටුම් උද්ගත ව ඇති මොහොතක එවන් හමුවක් පැවැත්වීම ඉතා කාලෝචිත වේ. ලෝක සාමය ආරක්ෂා කිරීමේ බලවේගයක් ලෙසත්, ලොව ආර්ථික බලවතා ලෙසත් චීනය මෙහිදී තම කාර්යභාරය මනාව ඉටුකරනු ඇතැයි ද හෙතෙම කියාසිටී.

චීනය ලොව කිසිදු රටක, දේශපාලන හෝ ආර්ථික හෝ වෙනත් කිසිදු ක්ෂේත්‍රයක ගැටුම් අවුළුවාලන ආකාරයේ මැදිහත්වීම් සිදුනොකරයි. මේ නිසා මෙවන් අවස්ථාවක චීන - ඇමරිකා නායක දෙපළගේ හමුව මැදපෙරදිග සාමය මෙන්ම ලෝක සාමය වෙනුවෙන් අතිශය වැදගත් අවස්ථාවක් වනු ඇතැයි ද මන්ත්‍රීවරයා  කියාසිටී.

එසේම, චීනය සහ ඇමරිකාව අතර සබඳතාව ලොව වැදගත්ම ද්විපාර්ශ්වික සම්බන්ධතාව යි. ගෝලීය වශයෙන් ආර්ථික, දේශපාලන සහ ආරක්ෂක යනාදී සියලු අංශවලට එහි බලපෑමක් ඇත. එසේම, මෙවර දෙරට රාජ්‍ය නායක හමුව ඉතා සාර්ථක වූ බව ද චීනය පවසා තිබේ. එහෙයින් මෙම අවස්ථාව ලෝකයට කිසියම් අපේක්ෂාවක් රැගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී  මොහොමඩ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම