ආජන්ටිනාව සමග එක්ව ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය ඉදිරියට ගෙන යාමට චීනය සූදානම්
2023-11-21 16:41:42
Share with:

 චීනයේ හා ආජන්ටිනාවේ ආර්ථික අතර කැපී පෙනෙන අනුපූරකත්වයක් පවතින බවත් සහයෝගිතාවයන් සඳහා විශාල විභවයක් පවතින බවත් චීන විදේශ අමාත්‍යංශ‍යේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.

ඇය ඒ බව කියාසිටියේ අද (21) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය.  ආජන්ටිනා ජනපති ධුරයට අලුතෙන් තේරී පත්ව සිටින Javier Milei මහතාගේ විදේශ කටයුතු උපදේශිකා Diana Mondino මහත්මියගේ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට ඇය ප්‍රතිචාර දැක්වූවාය.‍

බාහිර ලෝකය Javier Milei මහතාගේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති පිළිබඳ වැරදි නිර්වචනයක් ලබා දුන් අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලින් නිදහස්ව ආර්ථික හා වෙළඳ සහයෝගිතා සංවර්ධනය කිරීමට කිසිදු රටකට නොහැකි වනු ඇත. එමෙන්ම ආජන්ටිනා නව රජය චීනය සමග සම්බන්ධතාව වැදගත් කොට සලකන බවත් Diana Mondino මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බව මාඕ නිං මහත්මිය පවසා ඇත.

චීන ආජන්ටිනා සම්බන්ධතාවය මනා වර්ධන ප්‍රවණතාවක පසුවන බවත් චීනය ආජන්ටිනාවේ දෙවැනි විශාලතම වෙළඳ හවුල්කරුවා හා පළමු විශාලතම කෘෂි නිෂ්පාදිත අපනයන වෙළඳපොළ වන බව මාඕ නිං මහත්මිය පෙන්වා දෙයි. ආජන්ටිනාව සමග එක්ව ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය ඉදිරියට ගෙන යාමට චීනය සූදානම් වන බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම