ඩෙංගු අධි අවදානම් කලාප 45ක්
2023-11-20 15:18:29
Share with:

රට පුරා ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 72,840ක් දක්වා වර්ධනය වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 34,645කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 47.5ක් බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර ඇත.

ඩෙංගු අධි අවදානම් කලාප 45ක් මේ වන විට නම් කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 10ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 08ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 03ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 11ක් ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 02ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 01ක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 01ක් ද , පුත්තලම දිස්ත්‍රික්කයෙන් 04ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 03ක් ද වශයෙන් එම කලාප හඳුනාගෙන තිබේ.

මේ මස තුළදී පමණක් ආසාදිතයන් 4,347ක් වාර්තා වී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම