අරාබි-ඉස්ලාමීය විදේශ අමාත්‍යවරුන්ගෙන් සමන්විත දූත පිරිසක් චීනයේ සංචාරයකට සැරසේ
2023-11-20 11:10:37
Share with:

අරාබි සහ ඉස්ලාමීය විදේශ අමාත්‍යවරුන්ගෙන් සමන්විත දූත පිරිසක් නොවැම්බර් 20 සිට 21 දක්වා චීනයේ සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(19) නිවේදනය කළාය.

සෞදි විදේශ අමාත්‍ය Faisal bin Farhan Al Saud කුමරු, ජෝර්දාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Ayman Safadi, ඊජිප්තු විදේශ අමාත්‍ය Sameh Shoukry, ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය Retno Marsudi, පලස්තීන විදේශ අමාත්‍ය Riyad Al-Maliki සහ ඉස්ලාමීය සහයෝගතා සංවිධානයේ මහලේකම් Hissein Brahim Taha යන මහත්වරුන් දූත පිරිසට ඇතුළත් වන බව Mao Ning මහත්මිය පැවසීය.

මෙම සංචාරය අතරතුර, දැනට පවතින පලස්තීන-ඊශ්‍රායල් ගැටුම සමනය කිරීමට, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට සහ පලස්තීන ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් සෙවීමේ ක්‍රම පිළිබඳව දූත පිරිස සමඟ ගැඹුරු සන්නිවේදනයක් සහ සම්බන්ධීකරණයක් පැවැත්වීමට චීනයට හැකිවනු ඇති බව Mao Ning මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම