කටාර් අග්‍රාමාත්‍ය, විදේශ ඇමති හා යුරෝපා සංගමයේ රාජ්‍යතාන්ත්‍රික, ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ උසස් නියෝජිත අතර හමුවක්
2023-11-20 10:07:33
Share with:

මෙවර පලස්තීන ඊශ්‍රායල ගැටුමෙන් මේ වන විට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 14400කට වඩා වැඩි බව වාර්තා වේ. ඒ අතරින් ගාසා තීරයේ පුද්ගලයන් 13000ක් පමණ මිය ගොස් ඇත. Jordan ගංගාවේ බටහිර ඉවුර ප්‍රදේශයේ පුද්ගලයන් 215ක් මිය ගිය අතර ඊශ්‍රායලයේ පුද්ගලයන් 1200ක් පමණ මිය ගොස් තිබේ.

කටාර් අග්‍රාමාත්‍ය, විදේශ ඇමති Mohammed bin Abdulrahman bin Jassim Al Thani මහතා හා යුරෝපා සංගමයේ රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ උසස් නියෝජිත Josep Borrell මහතා අතර හමුවක් ඊයේ(19) දෝහා අගනුවරදී පැවත්විණ. එහිදී පලස්තීන ඊශ්‍රායල තත්ත්වය පිළිබඳ ඔවුන් සාකච්ඡා කර තිබේ. ඉන් පසු පැවති මාධ්‍ය හමුවේදී Mohammed bin Abdulrahman bin Jassim Al Thani මහතා පැවසුවේ අත්අඩංගුවේ සිටින පුද්ගලයන් නිදහස් කිරීම පිළිබඳ ඊශ්‍රායලය හා Hamas සංවිධානය අතර පැවති සාකච්ඡාව සක්‍රීය ප්‍රගතියක් ලබා ගෙන ඇති බවයි. ඒ වෙනුවෙන් ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය නිදහස් කිරීම ක්‍රියාවට නැංවීම හා එම සහතික කිරීම් ඇතුළු සුළු අභියෝගයන් කීපයකට පමණ මුහුණ දෙන බව හෙතෙම පැවසීය.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ(19) යළි ඉල්ලා සිටියේ ගාසා තීරයේ ගැටුම් හා අමානුෂික විපත් අවසන් කරන ලෙසත් රෝහල් හා සෙසු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙසත් ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම