චීන විදේශ ඇමති, අරාබි සහ ඉස්ලාමීය විදේශ අමාත්‍යවරුන් සමග සාකච්ඡා
2023-11-20 19:36:02
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා, අරාබි සහ ඉස්ලාමීය විදේශ අමාත්‍යවරුන්ගෙන් සමන්විත දූත පිරිස සමග සාකච්ඡාවක් පවත්වයි. එම සාකච්ඡාව අද(20) බෙයිජිංහිදී සිදු විය.

සෞදි විදේශ අමාත්‍ය Faisal bin Farhan Al Saud, ජෝර්දාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Ayman Safadi, ඊජිප්තු විදේශ අමාත්‍ය Sameh Shoukry, ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය Retno Marsudi, පලස්තීන විදේශ අමාත්‍ය Riyad Al-Maliki සහ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහලේකම් Hissein Brahim Taha යන මහත්ම මහත්මීන්ගෙන් එම දූත පිරිස සමන්විත වෙයි.

පලස්තීන ඊශ්‍රායල ගැටුම අවසන් කරමින් අදාළ ප්‍රශ්නයට විසඳුම් සොයා දීමටත් සාධාරණය හා යුක්තිය ඉටු කිරීමටත් චීනය වැඩි කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව අරාබි සහ ඉස්ලාමීය රටවල දූත පිරිස එහිදී ප්‍රකාශ කර ඇත.‍

ජාත්‍යන්තර මැදිහත්වීම් මෙහෙවරේ පළමු ගමනාන්තය ලෙස චීනය තෝරා ගැනීම තුළින් එම දූත පිරිස චීනය කෙරෙහි දක්වන දැඩි විශ්වාසය පිළිබිඹු කෙරෙන බව වං යී මහතා එහිදී ප්‍රකාශ කළේය. වත්මන් ගාසා අර්බුදය හා පලස්තීන ප්‍රශ්නය පිළිබඳ චීනයේ ස්ථාවරය ඔහු පැහැදිලි කළේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හා එක්සත් ජාතී‍න්ගේ මහා සම්මේලනයේ අදාළ යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරමින් සටන් විරාමයකට පැමිණීම කඩිනම් කාර්යය විය යුතු බව ඔහු පෙන්වා දෙයි. ජාත්‍යන්තර නීතිය, විශේෂයෙන් ජාත්‍යන්තර මානුෂවාදී නීතිය එලෙසම අනුගමනය කළ යුතුය. මේ අතර පලස්තීන ජනතාවට එරෙහිව ක්‍රියාත්මක බලහත්කාර සංක්‍රමණයට ද චීනය විරුද්ධ වේ. පලස්තීනයේ අනාගතයට අදාළ සියලු තීරණ ගත යුත්තේ පලස්තීන ජනතාවගේ කැමැත්ත මත ය. වත්මන් තත්ත්වය පිළිබඳ ඕනෑම ආකාරයේ විසඳුමක්, ද්විත්ව රාජ්‍ය විසඳුමට දුරස්ථ නොවිය යුතු බව ද වං යී මහතා ප්‍රකාශ කර ඇත. 


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම