ව්‍යාපාරික ප්‍රජාවට වඩාත්ම වටිනා අවස්ථා ගෙන එන අනාගත චීනය පිළිබඳ චීන ජනපතිගේ ශක්තිමත් ස්ථාවරය
2023-11-20 22:40:11
Share with:

සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවති APEC රැස්වීමේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සඳහන් කළ ව්‍යාපාරික ප්‍රජාව පිළිබඳ අදහස මේ වනවිට ලොව පුරා වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වෙමින් තිබේ. වෙනස් වෙමින් පවතින ගෝලීය වාතාවරණය හමුවේ, අනාගතයේදී චීනය ව්‍යාපාරික ප්‍රජාවට වඩාත්ම වටිනා අවස්ථාවක් වන්නේ ඇයිද? යන්න සම්බන්ධයෙන්  APEC රැස්වීමේදී ෂී ජින් පිං මහතා අවධාරණය කළ "වෙනස් නොවීම් තුන " එයට මනා පිළිතුරක් ලබා දෙයි.

චීනය ලෝකයේ විශාලතම වර්ධන එන්ජිම වන අතර, මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධනයෙන් තුනෙන් එකකට චීනය දායක වනු ඇත. මීට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා 2023 චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන පුරෝකථනය 5.4% දක්වා ඉහළ නැංවීය. ඉන් පළමු "වෙනස් නොවීම" ඔරොත්තු දෙයි. එනම්, විශාල ශක්තියක් සහ ප්‍රමාණවත් විභවයන් සහිත චීනයේ ආර්ථිකය දිගුකාලීනව සංවර්ධනය වීමේ මූලික ප්‍රවණතාව වෙනස් නොවනු ඇති බවයි.

මෙවර APEC රැස්වීම අතරතුර, විවෘතභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය නව පියවර මාලාවක් නිවේදනය කළේය. විදේශ ව්‍යාපාරවල ආයෝජන අයිතීන්  තවදුරටත් සහතික කිරීම, විදේශ ආයෝජන ප්‍රවේශය සඳහා සෘණාත්මක ලැයිස්තුව තවදුරටත් අඩු කිරීම සහ විදේශ ආයෝජන ව්‍යවසායන් සඳහා ජාතික අවධානය සම්පූර්ණයෙන්ම සහතික කිරීම ඇතුළු  පියවර එයට ඇතුලත් වෙයි. එය සෙසු “වෙනස් නොවීම්” දෙක  පෙන්නුම් කරයි. එනම්, වෙළඳපොළ නැඹුරු, නෛතික සහ ජාත්‍යන්තර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමේ චීනයේ අධිෂ්ඨානය ද වෙනස් නොවනු ඇති බවයි. එසේම චීනය කිසිදු වෙනස් සැලකීමකින් තොරව සියළු විදේශීය ආයෝජකයින්ට එක සේ උසස් තත්ත්වයේ සේවාවන් සැපයීමේ ප්‍රතිපත්තිය වෙනස් නොකරනු ඇත. චීනය ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කරන බවට ප්‍රබල සංඥාවක් ඉන් ලෝකයට ලබා දී තිබේ.

චීනයේ මෙම “වෙනස් නොවීම් තුන” නිශ්චිතභාවය සහ ස්ථාවරත්වය ගෙන එයි. එය කැළඹිලි සහ වෙනස්වීම් සහිත යුගයකට පිවිසෙන ලෝකයට වඩාත්ම හිඟ සම්පතයි.  සිංගප්පූරු අගමැති Lee Hsien Loong මහතාගේ අදහසට අනුව, ශක්තිමත් සහ මිත්‍රශීලී චීනයක් කලාපයට සහ ලෝකයට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත...


ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම