චීන ජනපති හා ප්‍රංශ ජනපති අතර දුරකථන සංවාදයක්
2023-11-20 18:40:41
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා සමග දුරකථන සංවාදයක නිරත විය. එම සංවාදය අද(20) පස්වරුවේ පැවැත්විණ.

2024 වසර‍ට චීනය හා ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව‍ය පිහිටුවීමේ 60 වැනි සංවත්සරය යෙදේ. දෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ඇති කිරීමේ මූලික අභිලාෂය අනුගමනය කරමින් ඉතිහාසයෙන් උරුම වූ මිත්‍රත්වය අගය කරමින් දෙරටේ සම්බන්ධතාවය නව තලයකට නංවාලීමට උත්සාහ කළ යුතු බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.  තුන්වන එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගතා නායක සමුළුවට හා හය වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සිය සක්‍රිය සහභාගීත්වය ලබා දුන් ප්‍රංශයට චීනයේ පැසසුම හිමි වනු ඇත. වඩාත් වැඩි ප්‍රංශ නිෂ්පාදිත චීන වෙළඳපොලට ප්‍රවේශ වීමට අවස්ථාව සලසමින් වඩාත් වැඩි ප්‍රංශ ව්‍යාපාර චීනයේ ආයෝජනය කරනු දැකීමට චීනය කැමැත්තෙන් සිටියි. ප්‍රංශයේ ආයෝජනය සිදු කරන චීන ව්‍යාපාර වෙනුවෙන් ප්‍රංශය සාධාරණ, වෙනස් සැලකීමකින් තොර ව්‍යාපාරික පරිසරයක් සලසා දිය හැකි යැයි අපේක්ෂා කරන බව ද ඔහු කියාසිටියේය.

දේශගුණ විපර්යාසයට මුහුණ දීමේදී චීනය හා ප්‍රංශය අතර මනා සහයෝගිතාවන් පවතී. නුදුරේදී ඩුබායි හි පැවැත්වීමට නියමිත දේශගුණ විපර්යාසයට මුහුණ දීම පිළිබඳ  එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රංශය සමග එක් ව කටයුතු කිරීමට චීනය සූදානම් බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා ප්‍රකාශ ක‍ර ඇත.

චීනය සමග ආර්ථික, වෙළඳ, ගුවන් සේවා, සංස්කෘතික යන ක්ෂේත්‍ර පිළිබඳ අදහස් හුවමාරු ශක්තිමත් කිරීමට ප්‍රංශය කැමති බව එරට ජනාධිපති Emmanuel Macron මහතා එහිදී පැවසීය. දේශගුණ විපර්යාසයට මුහුණ දීම හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම ඇතුළු ගෝලීය ගැටළු සම්බන්ධයෙන් චීනය සමග අඛණ්ඩව සහයෝගිතා පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර ඇත.

පලස්තීන ඊශ්‍රායල අර්බුදය සම්බන්ධයෙන් නායක දෙපළ අදහස් හුවමාරු කර ගත්හ. පලස්තීන ඊශ්‍රායල තත්ත්වය වඩා නරක අතකට හැරීම වැළැක්විය යුතු බවත් විශේෂයෙන් වඩාත් බරපතල මානුෂවාදී අර්බුදයක් මතු නොවිය යුතු බවත් ද්විත්ව රාජ්‍ය විසඳුම පලස්තීන ඊශ්‍රායල ගැටුම යළි යළිත් හටගැනීම අවසන් කිරීමේ මූලික ක්‍රමය බවත් දෙරටේ නායකයින්ගේ පොදු අදහස් වී තිබේ. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම