සිවිල් ජනතාව සහ ළමුන් ඉලක්ක ‍කර සිදු කෙරුණු ප්‍රහාරවලට චීනයේ විරෝධය
2023-11-20 20:06:02
Share with:

පලස්තීන-ඊශ්‍රායල ගැටුමේදී සිවිල් ජනතාවට සහ ළමුන්ට එල්ල කළ ප්‍රහාරවලට චීනය දැඩි ‍විරෝධය පළ කරයි.

‍පසුගිය 18 වැනිදා ඊශ්‍රායල හමුදාව උතුරු ගාසා තීරයේ Jabalia සරණාගත කඳවුරට ප්‍රහාරයක් එල්ල කළ  අතර, ඉන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. තවත් සරණාගත කඳවුරක පිහිටි පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් 50 ක‍ට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවාය.

එම ප්‍රහාර දෙකෙන් පීඩාවට පත් පුද්ගලයින් වෙනුවෙන් චීනය සිය සංවේගය පළ කරන අතර, සිවිල් ජනතාව සහ ළමුන් ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාරවලට ‍දැඩි විරෝධය ප්‍රකාශ කරන බව ඇය සඳහන් ක‍ළාය. ගාසා තීරයේ ළමුන් නිතරම ප්‍රහාරවල ඉලක්කයන් බවට පත් වීම පිළිබඳ චීනයේ දැඩි අවධානය යොමුව ඇති බව ද ඇය කියා සිටියාය.

එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ හදිසි විශේෂ රැස්වීමේ යෝජනාව හා ආරක්ෂක මණ්ඩලයේ 2712 වැනි යෝජනාව ක්‍රියාත්මක කරන ලෙසටත්, ජාත්‍යන්තර මානුෂීය නීතිය අනුගමනය කරමින්, වහාම සටන් විරාමයකට යොමු වන ලෙසටත්, දරුවන්ගේ ආරක්ෂා තහවුරු කරන ලෙසටත් චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව Mao Ning මහත්මිය අවධාරණය ක‍ළාය.


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම