චීනයේ බුද්ධිමය දේපළ හිමිකම් ව්‍යාපාරය ස්ථාවර ලෙස වර්ධනය වේ
2023-11-20 10:49:27
Share with:

චීනයේ බුද්ධිමය දේපළ හිමිකම් ව්‍යාපාරයේ දියුණුව ස්ථාවරව පවතින අතර ගුණාත්මක ලෙස ඉහළ යයි.

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා චීනයේ බලයලත් නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව 699,000ක් අතර පේටන්ට් සහයෝගතා ගිවිසුම (PCT) ජාත්‍යන්තර පේටන්ට් අයදුම්පත් 53,000ක් පිළිගෙන ඇති බව චීනයේ රාජ්‍ය බුද්ධිමය දේපළ හිමිකම් කාර්යාංශය නිවේදනය කළේ ය.

පසුගිය දා පැවති 12 වැනි චීන බුද්ධිමය දේපළ හිමිකම් වාර්ෂික සමුළුවේදී ලෝක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවිධානය නිකුත් කළ දත්තවලින් පෙන්වා දුන්නේ ගෝලීය බුද්ධිමය දේපළ හිමිකම් අයදුම්පත්වලින් 70% ක් ආසියාවෙන් පැමිණෙන අතර මේ සඳහා චීනය වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි.

මෑත වසරවලදී, ගෝලීය නවෝත්පාදන පරිසර පද්ධතිය තුළ චීනයේ බලපෑම අඛණ්ඩව වර්ධනය වී ඇත. බුද්ධිමය දේපළ හිමිකම් නවෝත්පාදනය ප්‍රවර්ධනය කරනවා පමණක් නොව, ආර්ථික සංවර්ධනය ද ඉහළ නංවයි. මෙම වසරේ සැප්තැම්බර් වන විට චීනයේ නව නිපැයුම් සඳහා වන ඵලදායී පේටන්ට් බලපත්‍ර ප්‍රමාණය මිලියන 3.908 දක්වා ළඟා වී ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම