2023 මූල් මාස 10 තුළ භාවිත කර ඇති චීන‍යේ විදේශ ආයෝජන ප්‍රමාණය යුවාන් බිලියන 987 ක්
2023-11-20 16:27:31
Share with:

මෙම වසරේ මුල් මාස 10 තුළ චීන‍ය විදේශ ආයෝජනය චීන යුවාන් බිලියන 987 ක් භාවිත කර ඇති බව චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

එම කාලය තුළ, අලුත් විදේශ ආයෝජන සමාගම් 41947 ක් චීනයේදී ලියාපදිංචි වී ඇති අතර, එය පසුගිය වසරේ සමාන කාලයට වඩා 32.1% ක වර්ධනයකි.

චීන වාණිජ අමාත්‍යංශයේ නවතම දත්තවලට අනුව, සමස්ත විදේශ ආයෝජනය භාවිත කිරීමේ ප්‍රමාණය පසුගිය වසරේ එම කාලයට වඩා 9.4% අඩු වීමක් පෙන්නුම් කරයි. මේ අතර නිෂ්පාදිත කර්මාන්තයේ භාවිත කළ විදේශ ආයෝජනය 1.9% කින් වැඩි වී එය චීන යුවාන් බිලියන 283 ඉක්මවා ඇත. උසස් තාක්ෂණික නිෂ්පාදිත කර්මාන්තයේ සිදුව ඇති වර්ධනය 9.5% ක් වීම විශේෂත්වයකි. සේවා කර්මාන්තයේ භාවිත කළ විදේශ ආයෝජනය චීන යුවාන් බිලියන 672 ඉක්මවා ඇති අතර, එය 15.9% ක අඩු වීමකි. ඉදිකිරීම් කර්මාන්තය, පර්යේෂණ, සංවර්ධන සහ නිර්මාණ සේවා ක්ෂේත්‍රයේ වර්ධනය පිළිවෙලින් 30.0% ක් සහ 15.9% ක් වේ.

එම කාලය තුළ, කැනඩාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය සහ නෙදර්ලන්තය චීනයේ සිදු කළ සැබෑ ආයෝජනය පිළිවෙලින් 110.3%, 94.6%, 90.0%, 66.1% සහ 33.0% කින් වැඩි වී ඇත.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම