චීනය 50කට වැඩි රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සමග අභ්‍යවකාශ සහයෝගිතා පවත්වයි
2023-11-20 14:40:47
Share with:

චීනය 50කට වැඩි රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සමග අභ්‍යවකාශ සහයෝගිතා පැවැත්වීමට කටයුතු කරමින් සිටී.

චීන ජාතික අභ්‍යවකාශ කාර්යාංශයේ නිලධාරීහු මේ දිනවල බෙයිජිං නුවර පැවැත්වෙන අභ්‍යවකාශ තාක්ෂණය සාමකාමී ලෙස භාවිත කිරීම පිළිබඳ 2023 ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ දී මේ බව පැවසූහ. ඒ අනුව මේ වනවිට අභ්‍යවකාශ සහයෝගිතා ලියවිලි 150කට වැඩි සංඛ්‍යාවකට අත්සන් කර ඇත.

චීනය විසින් ඉදිරිපත් කෙරුණු, රටවල් රැසක පොදු ප්‍රයත්න යටතේ ගොඩ නැගුණු ජාත්‍යන්තර චන්ද්‍රිකා විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථාන ව්‍යාපෘතියට බෙලරුසියාව හා පකිස්ථානය ද මෑතකදී එක්විය. චීනයේ Fengyun කාලගුණික චන්ද්‍රිකා ලොව පුරා රටවල් හා කලාප 115ක් සඳහා අවශ්‍ය දත්ත සේවා සපයා ඇති බව ද ජාතික අභ්‍යවකාශ කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කර තිබේ. අනාගතයේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය, බ්‍රික්ස් ඇතුළු බහුපාර්ශ්වික සහයෝගිතා ක්‍රමවේදයන් යටතේ, චන්ද්‍රිකා දත්ත හුවමාරු කර ගැනීම ඇතුළු ජාත්‍යන්තර අභ්‍යවකාශ සහයෝගිතා පවත්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන ඉලක්කය සාක්ෂාත් කරගැනීමට චීනය සහාය වන බව එම නිලධාරීන් පවසා ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම