වගා හානි සිදුවූ ගොවීන්ට නොමිලේ ඉන්ධන
2023-11-20 15:21:28
Share with:

පසුගිය යල කන්නයේ වගා හානි සිදුවූ ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා හෙක්ටයාර් එකකට ඩීසල් ලීටර් 40ක් බැගින් නොමිලේ ඉන්ධන ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව වී වගාව සඳහා එම ඉන්ධන නිකුත් කිරීම ඊයේ(19) සිට ආරම්භ කරනු ලැබීය. ඉන්ධන ලබා ගැනීම සඳහා ගොවි ජනතාවට වවුචර්පත් නිකුත් කිරීම ඊයේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය. 

චීන රජය විසින් පසුගිය මහ කන්නයේ නොමිලේ බෙදා දීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6.9ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබිණ. එසේ ඉතිරි වූ ඩීසල් ලීටර් මිලියන 02 වගා හානි සිදු වූ ගොවි ජනතාවට හෙක්ටයාර් එකකට ලීටර් 40 බැගින් බෙදා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දෙනු ලැබීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම