චීන-රුසියා ආණ්ඩු පක්ෂ අතර සංවාද යාන්ත්‍රණයේ 10 වන රැස්වීමට දෙරටේ ජනපතිවරුන්ගෙන් සුබ පැතුම්
2023-11-20 17:42:13
Share with:

චීන-රුසියා ආණ්ඩු පක්ෂ අතර සංවාද යාන්ත්‍රණයේ 10 වන රැස්වීම වෙත චීන ජනපති හා රුසියානු ජනපති සුබ පැතුම් පණිවුඩ යොමු කරති. 

එම රැස්වීම අද(20) වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ.චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙන් වෙන් ව එම රැස්වීමට සුබ පැතුම් පණිඩුව යොමු කර ඇත.

චීන-රුසියා ආණ්ඩු පක්ෂ අතර සංවාද යාන්ත්‍රණය දෙරටේ දේශපාලන අන්‍යෝන්‍ය  හුවමාරු ශක්තිමත් කිරීම, උපායමාර්ගික සම්බන්ධීකරණ මෙන්ම අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා දෙන සහයෝගීතා ඉදිරියට ගෙන යාම සඳහා විශේෂ මාවතක් හා වේදිකාවක් බවට පත්ව ඇතැයි ෂී ජින් පිං මහතා පැවසීය. මෙවර රැස්වීම රටේ ප්‍රධාන පක්ෂයේ වගකීම් ප්‍රදර්ශනය කිරීමට මෙන්ම ආයතනික හුවමාරු සහ සහයෝගීතාවයේ නව අවස්ථා නිර්මාණය කිරීමට වැදගත් වනු ඇත.එමෙන්ම නව යුගයේ චීන-රුසියා සබඳතාවේ අඛණ්ඩ සංවර්ධනයටත් ජාත්‍යන්තර සාධාරණය හා යුක්තිය තහවුරු කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමටත් උසස් දායකත්වයක් ලබා දෙනු ඇති බවද ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය.

රුසියා-චීන ආණ්ඩු පක්ෂ අතර සංවාද යාන්ත්‍රණයේ 10 වන රැස්වීමේදී  පවත්වන ලද සංවාදය අර්ථවත් සහ ඵලදායී වනු ඇති බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත. එය රුසියා-චීන ඵලදායි සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවට හෙතෙම විශ්වාස පළ කළේය.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම