දකුණු ආසියානු කලාපයේ නව ආර්ථික පරිවර්තනයක් සඳහා ජනාධිපතිවරයා ගෙන් යෝජනා
2023-11-19 17:31:29
Share with:

දකුණු ආසියානු කලාපය තුළ වර්ධනය වන ආර්ථික ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා කලාපයේ රටවල් එක් ව ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ පැවති තරුණ ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.

දකුණු ආසියානු කලාපයේ නව ආර්ථික පරිවර්තනයක් උදෙසා වන සිය දැක්ම මෙහි දී ඉදිරිපත් කළ ජනාධිපතිවරයා, කලාපයේ රටවල් අතර ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවිය හැකි නව ආකෘතියක් ද යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරගකාරී සහ ඩිජිටල් ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් මෙන්ම බලශක්ති පරිවර්තනයක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණු ලෙස පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම