තේ වගාවේ අස්වැන්න පස් ගුණයකින් ඉහළ නැංවීමට පියවර
2023-11-19 17:27:36
Share with:

මෙරට තේ වගාවේ අස්වැන්න පස් ගුණයකින් ඉහළ නැංවීමට  අධි ඝනත්ව වගා ක්‍රමය ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අධි ඝනත්ව වගා ක්‍රමය මෙන්ම තේ වගාවේ නව තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා කටයුතු  කරන ලෙස  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුඩා තේවතු සංවර්ධන අධිකාරියට හා තේ සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

සාමාන්‍ය තේ වගා ක්‍රමය අනුව අක්කරයක තේ පැළ 6500ක් රෝපණය කළ ද අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ තේ පැළ 13000ක් රෝපණය කළ හැකි බව  සංවර්ධන අධිකාරිය පවසයි. එමෙන්ම සාම්ප්‍රදායික ක්‍රමය අනුව අක්කරයකින් එක්වර නෙලාගත හැක්කේ තේ දළු කිලෝ ග්‍රෑම් 300ක් වුවද මෙම ක්‍රමය යටතේ තේ දළු කිලෝ ග්‍රෑම් 1500ක ඉහල අස්වැන්නක්  ගැනීමට හැකි බවද එම අධිකාරිය කියයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම