25වැනි චීන‍ අධි තාක්ෂණ ප්‍රදර්ශනයේ වාර්තාමය දත්ත රැසක්
2023-11-19 19:36:08
Share with:

25වැනි චීන‍ අධි තාක්ෂණ ප්‍රදර්ශනයේ දත්ත රැසක් වාර්තාගත ලෙස ඉතිහාසයට එක් වෙයි. මේ අනුව, එළඹි සමස්ත ගනුදෙනු වටිනාකම යුවාන් බිලියන 37.2 ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයකි.

දින පහක් පුරා පැවති එම ප්‍රදර්ශනය අද(19) චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී නිමාවට පත් විය. දෙස්-විදෙස් ව්‍යවසායන් 5000ක පමණ ප්‍රදර්ශනයට එක්විය. ඊට අන්තර්ගත වූ ව්‍යාපෘති  සංඛ්‍යාව දසදහසකි. එහිදී නව නිපැයුම් හා නව තාක්ෂණ 681ක් ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරිණ. මෙම සංඛ්‍යාව නව වාර්තාවකි.

එමෙන් ම, රටවල් හා කලාප 105ක ව්‍යවසායන් මෙවර ප්‍රදර්ශනයට එක්වූ අතර, මෙම සංඛ්‍යාව ද නව වාර්තාවක් බිහි කර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම