APEC සංවිධානයේ මීළඟ ‘ස්වර්ණමය වසර 30’ ට චීනයේ සහාය
2023-11-19 14:59:26
Share with:

APEC සංවිධාන රාජ්‍ය නායකයන්ගේ ප්‍රථම නිල නොවන රැස්වීමේ 30වැනි සංවත්සරය මෙම වසරට යෙදී තිබේ. ආසියා ශාන්තිකර කලා‍පයේ සංවර්ධනය සඳහා වන මීළඟ ‘ස්වර්ණමය වසර 30’ නිර්මාණය කරන්නේ කෙසේ ද යන්න බොහෝ අයගේ සිතුවිල්ල වී තිබේ. ඇමරිකාවේ වේලාවෙන් පසුගිය 17වැනි දා, එරට San Francisco හි පැවති APEC සංවිධාන රාජ්‍ය නායකයන්ගේ 30වැනි නිල නොවන රැස්වීමේදී, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ආසියා ශාන්තිකර කලාපයේ අධිගුණාත්මක සංවර්ධනය තහවුරු කරන ලෙසට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. තම රටේ ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය ඔස්සේ ඒ ඒ රටවල නවීකරණය සාක්ෂාත් කරගැනීමට චීනය නව ඉඩප්‍රස්ථා ලබා දෙන බවට හෙතෙම ප්‍රතිඥා දුන්නේය.

මීළඟ වසර 30 සංවර්ධනය පිළිබඳ  අවධානය යොමු කිරීමේදී, ගතවූ වසර 30 තුළ ආසියා ශාන්තිකර කලාපයේ සංවර්ධනය සැලකිල්ලට ගත යුතු ය. එම කාල වකවානුව තුළ, ආසියා ශාන්තිකර කලාපයේ සාමාන්‍ය තීරු බදු මට්ටම 17% සිට 5% දක්වා අඩු විය. ලෝක ආර්ථික වර්ධනය වෙනුවෙන් දායකවූ අනුපාතය 70%ට ළඟා වී ඇත. එම කලාපයේ බිලියනයක ජනගහනය දිළිඳුකමෙන් මුදා ගැනීම සමත් වීම ද කැපී පෙනේ.

කෙසේවෙතත්, ගතවූ වසර 30 තුළ ලෝකයේ විශාල වෙනස්කම් සිදු ව තිබේ. ආසියා ශාන්තිකර කලාපයේ අධිගුණාත්මක සංවර්ධනය ඉටු කිරීමට අනාගත ආර්ථික සංවර්ධනය සඳහා වන ප්‍රවණතාව හා වැදගත්කම් පිළිබඳව මනා අවබෝධයක් තිබීම ප්‍රමුඛත්වයයි. එමෙන් ම, සහයෝගිතාවන් ද අත්‍යවශ්‍යය. මෙමඟින්, විශාල රටවල් සිය වගකීම් දැරිය යුතු වන අතර, පරමාදර්ශී කාර්යභාරයන් ඉටු කළ යුතු ය. පසුගිය දා, චීන-ඇමරිකා රාජ්‍ය නායකයන් San Francisco හි පැවැත්වූ හමුවේ දී වැදගත් එකඟතාවන්ට එළඹ ඇත. මෙමගින් කැළඹිලි සහිත ලෝකයට ස්ථාවරත්වය ලබා දී තිබීම විශේෂත්වයකි. මීට අමතරව, ආසියා ශාන්තිකර කලාපයේ අධිගුණාත්මක සංවර්ධනය ඉටු කිරීම උදෙසා විවිධ රටවල් උත්සාහ දැරිය යුතු අතර බොහෝ ප්‍රධාන ප්‍රශ්න පිළිබඳව එකඟතාවන්ට ද එළඹිය යුතු ය.

APEC සංවිධානයේ මීළඟ ‘ස්වර්ණමය වසර 30’ උදෙසා, චීනය, ආසියා ශාන්තිකර කලාපයේ අධිගුණාත්මක භාවයෙන් යුත් සංවර්ධනයට අඛණ්ඩව සහායවෙමින් එම සංවිධානයේ රාජ්‍ය නායකයන්ගේ 27වැනි නිල නොවන රැස්වීමේදී සම්මත කෙරුණු 2040 Putrajaya දැක්ම සැබෑ කිරීම තහවුරු කිරීමට ද චීනය සූදානම් ය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම