තම රටේ රැඳී සිටින ඉන්දීය හමුදා සාමාජිකයන් ඉවත් කර ගන්නා ලෙසට මාලදිවයින් රජයෙන් ඉන්දියාවට නිල ඉල්ලීමක්
2023-11-19 16:54:11
Share with:

තම රටේ රැඳී සිටින ඉන්දීය හමුදා සාමාජිකයන් ඉවත් කර ගන්නා ලෙසට මාලදිවයින් රජය ඉන්දියාවෙන් නිල වශයෙන් ඉල්ලීමක් කරයි.මාලදිවයින් නව ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේ ඉන්දීය රජයේ නියෝජිතායා සමග පැවති සාකච්ඡාවේදීය.සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේ දී  ඉන්දීය රජයෙන් මෙම ඉල්ලීම සිදු කිරීමට තමාට ජනවරමක් ලැබී ඇති එරට නව ජනාධිපති මුයිස්සු මහතා සඳහන් කර තිබේ.ඉන්දියාව මාලදිවයින් ජනාතාවගේ මෙම ප්‍රජාතාන්ත්‍රික අභිලාෂයට ගරු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතම කියා සිටී.ඔහු ජනාධිපතිධුරයේ දිවුරුම් දුන් දිනයට පසු දිනයේම මෙම ඉල්ලීම කළේය.

වාර්තාවන්ට අනුව රේඩාර් මෙහෙයවීම,සොදිසි ගුවන් යානා ක්‍රියා කරවීම වෙනුවෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 70ක් පමණ මාලදිවයිනේ රැඳී සිටිති.එරට විශේෂිත ආරථික කලාපයේ මුර සංචාරයන් වෙනුවෙන්ද ඉන්දීය යුධ යාත්‍රා සහාය වෙයි.

 

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම