චීන ජනාධිපතිවරයා‍ ගේ විශේෂ නි‍යෝජිත ෂෙන් යිචින් මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් අරඹයි
2023-11-19 17:30:22
Share with:

චීන ජනාධිපතිවරයා‍ ගේ විශේෂ නි‍යෝජිත ෂෙන් යිචින් මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් අරඹයි. ඇය (18) දා රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියාය.

ඇය සමග  චීනයේ තවත් උසස් නිලධාරීහූ 18 දෙනෙක් ද ශ්‍රී ලංකාවට පැමිණයහ.

එම දූත පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ ක්‍රීඩා, තරුණ කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම