මාලදිවයින් නව ජනාධිපතිවරයා දිවුරුම් දෙයි
2023-11-18 19:32:12
Share with:

Mohamed Muizzu මහතා මාලදිව‍යිනේ අටවන ජනාධිපතිවරයා ලෙසට දිවුරුම් දෙයි.දිවුරුම්‍දීමේ උත්සවය 17 වෙනිදා මාලේ නුවරදී පැවැත්විණ. දිවුරුම්දීමෙන් අනතුරුව උත්සවය ඇමතූ මාලදිවයින් නව ජනාධිපතිවරයා සඳහන් කළේ  තම රටේ ජනතාවගේ ප්‍රතිලාභ ප්‍රම්‍රඛත්වයෙහිලා  තැබීමට ප්‍රතිඥා දෙන බවයි.බාහිර රටවල ප්‍රතිලාභයන් මත  මාලදිවයින හෝ එහි ජනාතවට අගතියක් සිදුවීමට ඉඩ නොදෙන බවට ද හෙතෙම සහතික විය.සිය විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ සඳහන් කළ   හෙතෙම අසල්වාසී මෙන්ම දුරින් පිහිටි රටවල් සමගද  මිත්‍රශීල සබඳතාවක් පවත්වා ගැනීම අරමුණ බව කීය.සංචාරක කර්මාන්තයට තම පාලනය ඉහළම ප්‍රමුඛත්වය ලබා දෙන බව නව මාලදිවයින් ජනාධිපතිවරයා සඳහන් කළේය.ඔහුගේ කථාව තුළ ආර්ථිකය, අධ්‍යාපන, තරුණ සංවර්ධනය ,කාන්තා අයිතිවාසිකම් සහ නිවාස ප්‍රතිපත්තිය  පිළිබඳවද කරුණු  අන්තර්ගත විය.මාලදිවයින් උප ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ දිවුරුම්දීමද එදිනම සිදුවිය.

 

 

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම