චීන-ඇමරිකානු නායක හමුව පිළිබඳ විශේෂ රූපවාහිනී වැඩසටහනක්
2023-11-18 07:06:17
Share with:

ඇමරිකා වෙලාවෙන් නොවැම්බර් 15 වනදා, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ඇරයුමට අනුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි වතුයායේදී ජෝ බයිඩන් මහතා සමඟ රාජ්‍ය නායක හමුව පැවැත්වීය. චීන ඇමරිකා සබඳතාව සම්බන්ධ ක්‍රමෝපායීය ප්‍රශ්න, ලෝක සාමය හා සංවර්ධනය සම්බන්ධ වැදගත් ප්‍රශ්න පිළිබඳව ඔවුහු අවංක මෙන්ම ගැඹුරු ලෙස අදහස් හුවමාරු කළහ. චීන ඇමරිකා සබඳතාවේ වත්මන් තත්ත්වය හා අනාගතයේ මේ සබඳතාව පැවැත්වීමේ ක්‍රමය පිළිබඳව පූර්ණ අවබෝධය ලබා ගැනීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ CGTN විසින් “ Seeking the right track: Beijing, Washington and beyond “ නමින් විශේෂ රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන ලදී. නව යුගයේ දෙරට බලවත් රටවල් සබඳතාව පැවැත්වීමේ නව නිදසුනක් සොයා ගන්නේ කෙසේද යන්න එම වැඩසටහන ඔස්සේ වාර්තා වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම