“රන් ද්වාරය’’ ප්‍රකාශනය සම්මත කරමින් 30වන එපෙක් සංවිධාන නායක හමුව අවසන්
2023-11-18 19:19:17
Share with:

“රන් ද්වාරය’’ප්‍රකාශනය සම්මත කරමින් 30වන එපෙක් සංවිධාන නායක හමුව නිමාවට පත්වෙයි. සැමට හිතකර අනාගතයක් නිර්මාණය කිරීම ඉන් අවධාරණය ‍කෙරේ.තාක්ෂණික හා ආර්ථික ප්‍රගතිය උපයෝගී කර ගනිමින් දැවැන්ත විභවයන් සහ දැවැන්ත ගතිකත්වයන් මුදා හැරීමට, ආර්ථික වර්ධනය දිරිගැන්වීමට මෙන්ම දේශගුණික විපර්යාස ඇතුළු සියලු පාරිසරික අභියෝගවලට විසඳුම් සෙවීමට ක්‍රියා කළ යුතු බව එහි සඳහන් වෙයි.දෙදිනක් පුරා පැවති රැස්වීමෙන් අනතුරුව  මෙම ප්‍රකාශනය සම්මත කෙරිණ.පරිසර හිතකාමී සංවර්ධනය,දේශගුණය, බලශක්ති සංක්‍රාන්තිය,අනතර් සබැඳියාව ඇතුළු  කරුණු කෙරෙහි සමුළු නායකයෝ එහිදී අවධානය යොමු කළහ.නිදහස්,විවෘත,සාධාරණ,වෙනස්කම්වලින් තොර,විනිවිද,  වෙළද හා ආයෝජන පරිසරයක් වෙනුවෙන් එපෙක් නායකයෝ මෙම ප්‍රකාශනය මගින් ප්‍රතිඥා දෙති.නීතිය පදනම් කරගත්  බහු පාර්ශ්වික වෙළද පද්ධතියක වැදගත්කමද ඔවුහූ අවධාරණය කරති.

උසස් තත්ත්වයේ සහ විස්තීර්ණ කලාපීය කටයුතුවලට සහභාගී වීම සඳහා තම ධාරිතා ගොඩනැගීම සහ තාක්ෂණික සහයෝගීතා ප්‍රයත්නයන් වැඩි දියුණු කිරීමට එපෙක් ආර්ථිකයන්  කැපවී සිටින බවද සමුළු ප්‍රකාශනයේ සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම