ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය වසර අවසාන වීමට පෙර ලබාගැනීමට හැකි වෙතැයි මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරයි
2023-11-18 15:53:01
Share with:

චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක ණය මුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟ වූ කොන්දේසි අනෙකුත් ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හුවමාරු කරගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.බ්ලූම්බර්ග් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත.

එම කොන්දේසි අධ්‍යනය කර ඉන්දියාව,ජපානය සහ පැරිස් සමාජයේ ප්‍රධානත්වයෙන් යුත් ද්වි පාර්ශ්වික ණය හිමියන්ගේ නිල කමිටුවද ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුමක් යෝජනා කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා  පවසා තිබේ.

එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක පමණ මුදල වසර අවසාන වීමට පෙර ලබාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම