ගාසා තීරයේ ජනතාවට සාගතයකට මුහුණ දීමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම්
2023-11-18 18:58:49
Share with:

ගාසා තීරයේ මුළු ජනගහනයටම පාහේ  ආහාර ආධාර අවශ්‍ය වන අතර, එහි පදිංචිකරුවන් සාගත අවදානමට ලක්ව සිටින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසයි.මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය නියෝජිතායතනය සඳහන් කළේ, ඉන්ධන නොමැතිකම සහ සන්නිවේදන බාධා කිරීම් හේතුවෙන්, 17 වැනිදා සහනාධාර ප්‍රවාහනය කිරීමට නොහැකි වූ බවයි. ගාසා තීරයේ බොහෝ පුද්ගලයන්ට ප්‍රමාණවත් තරම් ආහාර සහ ජලය නොමැති අතර ඔවුහූ දැඩි සාගින්නකට මුහුණ දීමේ අවදානමක සිටිති.

මේ අතර ඊශ්‍රායල හමුදාව දකුණු ගාසා තීරයේ වෙරළබඩ නගරයක ඊනියා "ආරක්ෂිත කලාපයක්" පිහිටුවීමට උත්සාහ දරමින සිටී . කෙසේ වෙතත්, එය විශාල ජනගහනයකට නවාතැන් ගැනීමට නොහැකි තරම් කුඩා ප්‍රදේශයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus ඊයේ(17) අනතුරු ඇඟවුයේ, ඊනියා "ආරක්ෂිත කලාපය" ඊශ්‍රායලය විසින් ඒකපාර්ශ්විකව පිහිටුවීමට විරුද්ධ වන බවයි. වත්මන් යටිතල පහසුකම් සහ ආරක්ෂක තත්ත්වයන් යටතේ, ගාසා තීරයේ ඊනියා "ආරක්ෂිත කලාපය" පිහිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධ නොවනු ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම