චීන ජනාධිපතිවරයා APEC සංවිධානයේ වර්ධනය වෙනුවෙන් පළ කල අදහස් ගැබ්වූ සැන් ෆැන්සිස්කෝ ප්‍රකාශනය
2023-11-18 20:14:33
Share with:

ඇමරිකා වේලාවෙන් 17වෙනි දා ඇමරිකාවේ San Francisco නුවරදී එපෙක් සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුව පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.

ගෙවුණු දශක තුනේ එපෙක් සංවිධානයේ සාමාජික රටවල් 21 පොදුවේ කාගේත් අවධානයට ලක්වූ "ආසියා-පැසිෆික් ආශ්චර්යය" නිර්මාණය කර ඇත. ආසියා-‍පැසිෆික් කලාපයේ මීළඟ ස්වර්ණමය තිස් වසර නිර්මාණය කරන්නේ කෙසේදැයි ගැඹුරින් සිතා බැලිය යුතු බව ෂී ජින් පිං මහතා සිය දේශනයෙන් පෙන්වා දෙයි. ඒ සඳහා චීන ජනාධිපතිවරයා සිය දේශනයෙන් අදහස් රැසක් ඉදිරිපත් කළේ ය. නවෝත්පාදනය සංවර්ධනයට ප්‍රබල ගාමක ශක්තියක් ලබාදෙන බැවින් එහි එල්බ සිටිය යුතු බව හෙතෙම පෙන්වා දෙයි. විවෘතභාවයේ වැදගත්කම ද හෙතෙම අවධාරණය කරයි. නිදහස් හා විවෘත වෙළඳාම හා ආයෝජනය රැක ගනිමින් කලාපීය ආර්ථික ඒකීයකරණය අඛණ්ඩව පවත්වාගෙන යමින් “ එපෙක් සම්බන්ධතා සැලැස්ම”පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරමින් කලාපීය සංවර්ධන අවස්ථා බෙදා ගත යුතු ය. ආසියා-පැසිෆික් කලාපය හරිත සංවර්ධනයේ එල්බ සිටිය යුතු ය. හුදකලාවේ නොව සියලු පාර්ශ්ව එක්ව පොදු සංවර්ධනය කරා ගමන් කිරීමේ වැදගත්කම ද චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

සහයෝගිතාව ආසියා-පැසිෆික් කලාපයට ‍සමෘද්ධිය ගෙන දෙන බවත්, සහයෝගිතාව නොමැතිවුවහොත් ආසියා-පැසිෆික් කලාපයට විශාල අවදානමක් ගෙන දෙන බවත්, එම කලාපයේ සංවර්ධන ක්‍රියාදාමයෙන් මැනවින් ඔප්පු වී ඇතැයි චීන ජනාධිපතිවරයා යළි යළිත් පෙන්වා දුන්නේය. එබැවින් පොදු සංවර්ධනය වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වය හා දායකත්වය අත්‍යවශ්‍ය වේ.

චීන ජනාධිපතිවරයාගේ එම අදහස් මෙවර එපෙක් සංවිධානයේ නායක සමුළුව නිකුත් කළ San Francisco ප්‍රකාශයට ඇතුළත් කර තිබේ. එනම් නිදහස්, විවෘත, සාධාරණ, වෙනස්කම්වලින් තොර, විනිවිද, නම්‍යශීලි වෙළද හා ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීමට සියලු සාමාජික රටවල් එක්ව කටයුතු කිරීම ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම