දෙරට ජනතාවගේ අභිලාෂයන් මගින් ශක්තිමත් වන චීන-ඇමරිකා සබඳතා
2023-11-18 18:38:33
Share with:

මීට දින කිහිපයකට පෙර ඇමරිකාවේ වෙසෙන "Mei Xiang" සහ "Tian Tian" යන යෝධ පැන්ඩාවන් වොෂින්ටනයේ උපත ලද ඔවුන්ගේ "Little Miracle පැටවා සමඟ නැවත චීනයට පැමිණියේය. එම පැන්ඩාවන් පිටත්ව යාමට පෙර, බොහෝ ඇමරිකානුවන් සමුගැනීමට මැලි වූයේ අනාගතයේදී නව යෝධ පැන්ඩා ඇමරිකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙනි.

ඇමරිකා වේලාවෙන් 15වැනිදා රාත්‍රියේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙම සිදුවීම සඳහන් කළේ ඇමරිකානු මිත්‍ර කණ්ඩායම් එක්ව සංවිධානය කළ පිළිගැනීමේ භෝජන සංග්‍රහයකට එක්වෙමිනි. යෝධ පැන්ඩාවන් ආරක්ෂා කිරීම සහ දෙරට අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා, ඇමරිකාව සමඟ අඛණ්‍ඩව සහයෝගතා පැවැත්වීමට හෙතෙම කැමැත්ත පළ කළේය.

පිළිගැනීමේ භෝජන සංග්‍රහයේදී,  ෂී ජින් පිං මහතා චීන-ඇමරිකා සබඳතාවල සෞඛ්‍ය සම්පන්න වර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී, ජනතාවගේ වැදගත් කාර්යභාරය නැවත නැවතත් අවධාරණය කළේය.

මෙවර චීන හා ඇමරිකා නායක හමුවේදී, දෙරට පුද්ගල හුවමාරුව පහසු කිරීම සහ සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමට තවත් ක්‍රියාමාර්ග දියත් කරන බවට එකඟතාව පළවිය. චීන සහ ඇමරිකානු ජනතාව අතර හුවමාරු වලදී, වෙනස්කම් වෙන්කර ගනිමින් පොදු පදනමක් සෙවිය යුතුය. ඇමරිකානු රජය මීට පෙර ඊනියා "චීනය සමඟ සබඳතා විසන්ධි කිරීම" සහ "චීන අවදානම ඉවත් කිරීම" සඳහා විවිධ ප්‍රකාශ කළද, චීන-ඇමරිකා පෞද්ගලික ආර්ථික හා වෙළඳ හුවමාරු තවමත් ශක්තිමත් තත්ත්වයක පවතී. 2022 දී, චීන-ඇමරිකා වෙළඳ පරිමාව ඇ.ඩොලර් බිලියන 759.4 දක්වා ළඟා වූ අතර, එය නව ඉහළ වාර්තාවකි. මෑතකදී අවසන් වූ 6වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී,  ඇමරිකාව විශාලතම ප්‍රදර්ශන කණ්ඩායමක් ඊට සහභාගී කරවීය.

ඉදිරි වසර පහ තුළ හුවමාරු සහ අධ්‍යාපනය සඳහා චීනයට පැමිණෙන ලෙස ඇමරිකානු යෞවනයන් 50,000 කට ආරාධනා කරන බව චීනය මෙවර සමුළුවේදී ප්‍රකාශ කළේය. ඇමරිකාවේ Helen Foster Snow පදනමේ සභාපතිවරයා පැවසුවේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසූ ආකාරයට, චීන-ඇමරිකා සබඳතාවලට විවර වූ දොර  යළි කිසි දිනෙක නොවැසෙන බවය.

තත්ත්වය කෙසේ වෙනස් වුවද, හුවමාරු සහ සහයෝගීතාව සඳහා චීන සහ ඇමරිකා ජනතාවගේ අපේක්ෂාවන් වෙනස් නොවේ. චීන-ඇමරිකා සබඳතා වැඩිදියුණු කිරීම හා සංවර්ධනය සඳහා වඩාත්ම ශක්තිමත් බලවේගය එයයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම