චීන ජනාධපති ෂී ජින් පිං මහතා ඇමරිකා සංචාරයෙන් පසු යළි චීනයට ළඟා වෙයි
2023-11-18 20:30:01
Share with:

චීන-ඇමරිකා රාජ්‍ය නායක හමුව හා APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට සහභාගීවීමෙන් පසු, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(18) රාත්‍රියේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං නුවරට ළඟාවිය.

ඇමරිකාවේ වේලාවෙන් 17වැනිදා සවස, ෂී ජින් පිං මහතා San Francisco නුවරින් පිටත් වන විට, San Francisco නගරාධිපති ඇතුළු ඇමරිකානු නියෝජිතයෝ  ගුවන් තොටුපළට ගොස් ෂී ජින් පිං මහතාට සමුදුන්හ. ගුවන් තොටුපලට පැමිණෙන අතරමග, රැස්ව සිටි ඇමරිකාවේ ජීවත් වන චීන ජාති‍කයෝ සහ චීන සිසුන්ගේ නියෝජිතයෝ ෂී ජින් පිං මහතාට සමු දෙමින් මෙවර සංචාරයේ සම්පූර්ණ සාර්ථකත්වය වෙනුවෙන් ද සුබ පැතුම්  පිරිනැමූහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම