චීන ජනපති APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුව අමතයි
2023-11-18 05:25:26
Share with:

චීන ජනපති APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුව අමතයි.

ඇමරිකා වේලාවෙන් 17වෙනි දා පෙරවරුවේ San Francisco නුවරදී APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුව පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.

APEC සංවිධානය නිත්‍ය නායකත්ව රැස්වීම් යාන්ත්‍රණයක් ස්ථාපිත කර මෙතෙක් කාගේත් අවධානයට ලක්වූ "ආසියා-පැසිෆික් ආශ්චර්යය" නිර්මාණය කර ඇත. වර්තමාන අභියෝගාත්මක තත්ත්වය හමුවේ ආසියා-පැසිෆික් කලාපයේ නායකයන් වශයෙන් මෙම කලාපයේ මීළඟ ස්වර්ණමය තිස් වසර නිර්මාණය කරන්නේ කෙසේදැයි ගැඹුරින් සිතා බැලිය යුතු බව ෂී ජින් පිං මහතා සිය දේශනයෙන් පෙන්වා දෙයි.සහයෝගිතාව පදනම් වන APEC සංවිධානයේ සියලු සාමාජිකයන් එක්ව යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් ගෝලීය අභියෝගවලට මුහුණ දෙමින් විවෘත, ප්‍රාණවත්, සාමකාමී සහ ඔරොත්තු දෙන ආසියා පැසිෆික් හවුලක් ගොඩ නගා ගත යුතු බව හෙතෙම අවධාරණය කරයි.

ආසියා-පැසිෆික් කලාපයේ දිගුකාලීන සමෘද්ධිය ‍සඳහා චීන ජනාධිපතිවරයා සිය දේශනයෙන් අදහස් රැසක් ඉදිරිපත් කළේ ය. නවෝත්පාදනය සංවර්ධනයට ප්‍රබල ගාමක ශක්තියක් ලබාදෙන බැවින් එහි එල්බ සිටිය යුතු බව චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.ආසියා-පැසිෆික් කලාපය වඩාත් ක්‍රියාශීලීව විද්‍යා තාක්ෂණික සහයෝගිතාව ඉදිරියට ගෙන යමින් "APEC අන්තර්ජාල සහ ඩිජිටල් ආර්ථික මාර්ග සිතියම" ක්‍රියාත්මක කරමින් ආසියා-පැසිෆික් කලාපයේ සංවර්ධනය සඳහා නව ගම්‍යතාව නිර්මාණය කළ යුතු ය.විවෘතභාවයේ වැදගත්කම ද චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි. නිදහස් හා විවෘත වෙළඳාම හා ආයෝජනය රැක ගනිමින් කලාපීය ආර්ථික ඒකීයකරණය අඛණ්ඩව පවත්වාගෙන යමින් “APEC සම්බන්ධතා සැලැස්ම” පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරමින් කලාපීය සංවර්ධන අවස්ථා බෙදා ගත යුතු ය. ආසියා-පැසිෆික් කලාපය හරිත සංවර්ධනයේ එල්බ සිටිය යුතු බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි. දේශගුණ විපර්යාසය හා ස්වාභාවික විපත් ඇතුළු අභියෝග හමුවේ හරිත හා අවකාබන් සංවර්ධන රටාවට අනුගත වීම වැදගත් බව හෙතෙම පවසයි. හුදකලාවේ නොව සියලු පාර්ශ්ව එක්ව පොදු සංවර්ධනය කරා ගමන් කිරීමේ වැදගත්කම ද චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි. චීනය සාමකාමී සංවර්ධන මාවතේ එල්බ සිටිමින් චීන ලක්ෂණවලින් යුත් නවීකරණ ක්‍රියාවලියේ නිරත වෙමින් සිටී. චීනයේ එම නවීකරණ ක්‍රියාවලිය තුළින් සෙසු රටවල් වෙනුවෙන් නව අවස්ථා සැලසේ. ආසියා-‍පැසිෆික් කලාපයේ මීළඟ ස්වර්ණමය තිස් වසර උදෙසා APEC සංවිධානයේ සියලු සාමාජිකයන් සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන ජනාධිපතිවරයා අවසාන වශයෙන් ප්‍රකාශ කළේ ය.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවේ මුලසුන දැරීය. එහි ප්‍රධාන තේමාව වන්නේ "සියල්ලන්ට ඔරොත්තු දෙන සහ තිරසර අනාගතයක් නිර්මාණය කිරීම" යන්නයි.  "2023 වසරේ APEC නායකයින්ගේ San Francisco ප්‍රකාශය" සමුළුවේදී නිකුත් කෙරිණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම