තායිලන්තය හා චීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය අගයන රජ කුමරිය
2023-11-18 19:09:28
Share with:

තායිලන්තය හා චීනය අතර පවතින්නේ දිගුකාලීන මිත්‍රත්වයකි. මෙම මිතුදම ශක්තිමත් කිරීම වෙනුවෙන් කාර්යභාරයන් ඉටු කළ පුද්ගලයන් අතර තායිලන්තයේ Maha Chakri Sirindhorn කුමරිය සුවිශේෂ චරිතයකි. පසුගිය දා ඇය යළි චීනයට පැමිණියා ය. එය ඇයගේ 50වැනි චීන සංචාරය වීම විශේෂත්වයකි. Maha Chakri Sirindhorn කුමරිය චීනයේ රැඳී සිටි කාලයේ චීන මාධ්‍ය සමූහය ඇය සමග සම්මුඛ සාකච්ඡාවක‍ට එක්වූවාය. තමන් චීනයට හා චීන භාෂාවට සමීප වූ ආකාරය, චීනය හා චීන ජාතිකයන් ගැන සිතන හා දකින ආකාරය, චීනය මුලපිරූ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඇතුළු කරුණු පිළිබඳව එම සම්මුඛ සාකච්ඡාවේදී මෙම තායිලන්ත කුමරිය චීන භාෂාව අපූරුවට හසුරුවමින් අදහස් දැක්වුවා ය.

මවගේ බලපෑමෙන් Maha Chakri Sirindhorn කුමරිය චීන භාෂාව ඉගෙන ගැනීම ආරම්භ කළේ කුඩා කාලයේ සිට ය. 1981 වසරේ මැයි මාසයේ ඇය ප්‍රථම වරට චීනයේ සංචාරය කළේ චීනයට පැමිණි තායිලන්ත රජ පවුලේ පළමු සාමාජිකාව වශයෙනි. එතැන් සිට අද දක්වා සෑම වසරකම පාසා චීනයට පැමිණීම ඇයගේ පුරුද්දක් වී තිබේ. චීනයේ ලද සංචාරක අත්දැකීම් සහ වසර ගණනාවක් පුරා අධ්‍යයනය කළ චීනයේ ඓතිහාසික හා සාහිත්‍ය ග්‍රන්ථ පදනම් කරගෙන Maha Chakri Sirindhorn කුමරිය තායි භාෂා කෘති රැසක් නිර්මාණය කර ඇත. ඇයගේ බලපෑමෙන් තායිලන්තයේ කොන්ෆයුසියස් ආයතනය සහ පළමු ලු බැන්(චීනයේ සුප්‍රකට සාම්ප්‍රදායික වඩු ශිල්පියෙක් ) වැඩමුළුව ස්ථාපිත කෙරුණා. එමගින් තායිලන්ත තරුණ පරපුරට චීන භාෂාව ඉගෙනීමේ හා චීන සාම්ප්‍රදායන් මුසු වෘත්තීය අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථා ලැබී තිබේ.

 චීනය විශිෂ්ට සංස්කෘතිය හිමි රටක් බවත්, චීන ජාතිකයන් ඉතා උත්සාහවන්ත හා නොසැලෙන ජනතාවක් බවත්, එබැවින් තමන් චීනයට හා චීන ජනතාවට ලැදියාව දක්වන බවත්, Maha Chakri Sirindhorn කුමරිය කියා සිටී. බොහෝ තායි ජාතිකයන්ගේ මුතුන්මිත්තන් වූයේ චීන ජාතිකයන් ය. මෙම ඥාතීකමින් ඇති වූ මිතුදම දෙරටේ තරුණයන් අතර වඩ වඩාත් තහවුරු කළ යුතු බව ඇය පෙන්වා දෙයි. චීනය මුලපිරූ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සම්මුඛ සාකච්ඡාවේදී ඇයගේ ඉහළ ඇගයීමට ද ලක් විය. එම වැඩපිළිවෙළ යටතේ ඉදි කෙරුණු චීන-ලාඕස-තායිලන්ත දුම්රිය මාර්ගය රටවල් තුන අතර පවතින විවිධාකාර සම්බන්ධතා වඩාත් ශක්තිමත් කර ඇති බවත්,  එයින් ලෝක ආර්ථික වර්ධනයට රුකුලක් වී ඇති බවත්,  Maha Chakri Sirindhorn කුමරිය වැඩිදුරටත් සඳහන් කළා ය.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම